IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සම්බුද්ධ ශාසනයට මහා විනාශය කරන්නේ විපක්ෂයේ කණ්ඩායම්වල අයයි’

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                              
           
“සම්බුද්ධ සාසනය ඉවරයි බේරගන්න කියලා විපක්‍ෂයේ කණ්ඩායම් චෝදනා කළාට අපි හදන චෛත්‍ය දහම් පියසවල් නවත්තන්න කටයුතු කරන ඔවුන්මයි සම්බුද්ධ ශාසනයට මහා විනාශ සිදුකරන්නේ” යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද(05) පැවසීය.
           
ඒ මහතා කුලියාපිටිය හොරතැපොල ශ‍්‍රී පුෂ්පාරාමයේ රුපියල් ලක්‍ෂ 40ක් වැය කරමින් අභිනවයෙන් ඉදිකළ දහම් සිසු පියස සසුනට පූජාකිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ඒ බව පැවසීය.
         
එහිදී ඒ මහතා මෙසේද කීය.
         
“පෙරේදා මට මෙවැනි ශාලා විශාල ප‍්‍රමාණයක් සසුනට පූජා කරන්නට තිබුණත් මේ දිස්ත‍්‍රික්කයේම හිටපු සංස්කෘතික ඇමති කෙනෙක් කාගෙ හරි ලණුවක් කාලා පාර්ලිමේන්තුවෙ ඇදපු ප‍්‍රශ්නයක් නිසා මට ඒ එක උත්සවයකටවත් යන්න ලැබුණෙ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම් ගස් යට ඉඑගෙනගන්න දහම් දරුවන් ශාලාවක ඉගෙනගන්නවට කැමති නැහැ. අපි මේ කරන ඉදිකිරීම පවා විනිවිද භාවයකිනුයි කරන්නෙ. කොන්ත්‍රාත් දෙන්නෙත් නැහැ. සියලු ඉදිකිරීම් අපි කරන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තු වලින්. එ නිසා මම පිරිසිදු බෞද්ධයෙක් මිස වොයිස් කට් බෞද්ධයෙක් නෙවෙයි.”
         
ඒ මහතා කියාසිටියේ කවුරුන් කෙසේ තමන් හා එතම වැඩපිළිවෙළ විවේචනය කළත් ශාසනය වෙනුවෙන් සිදුකරන සංවර්ධනය කිසිවිටක නවත්වන්නේ නැති බවයි.
                   
උත්සව අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය හොරතෑපොල චන්දරතන හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ඇතුලූ විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

‘සම්බුද්ධ ශාසනයට මහා විනාශය කරන්නේ විපක්ෂයේ කණ්ඩායම්වල අයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site