IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීම කිසිඳු කුමන්ත්‍රණයකින් වැළැක්විය නොහැකියි‘‘

(නිමල කොඩිතුවක්කු)

සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිදු කුමන්ත‍්‍රණයකින් වැළැක්විය නොහැකි බව  අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවැසීය.

ශීත කාමරවල සිට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා වෙනුවට  පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ඇතිව ජනතාවගේ හඬින් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

කොල්ලූපිටියේ පිහිටි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතරය, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ බහුතරය සහ පළාත් පාලන නියෝජිතයන්ගේ බහුතරය හිමිවී  තිබෙන සජිත් පේ‍්‍රමදාස මහතා ඊළඟ ජනාධිපතිවරයා බවට පත්වීම ස්ථීර යැයිද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහයෝගයත් මේ වනවිට සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවි ඇති බවත් පැවසූ අමාත්‍යවරයා  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එකඟතාවය මත ඉදිරියේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන බවත් කීය.

එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයතක් තමන්ට අති බවට අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ බවට පළවන මාධ්‍ය වාර්තා තමන්ට හැගෙන පරිදි අසත්‍යයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීම කිසිඳු කුමන්ත්‍රණයකින් වැළැක්විය නොහැකියි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site