(නාලක සංජීව දහනායක)
අගමැතිවරයා තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැසීය.
එමෙන්ම එම කුමන්ත‍්‍රණය පරාජය කළ සියලූම කැබිනට් ඇමතිවරුන්ට ස්තූතිය පළකරන බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙනාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට පොරොන්දු වෙලයි. එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා හැරුණුවිට අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට අනවශ්‍ය දේශපාලන ප‍්‍රශ්නයකට තල්ලුකරලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම මඟ හැරියා. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා ජාතියෙන් සමාව ගතයුතුයි.
පාස්කු ප‍්‍රහාරය එල්ලවු අවස්ථාවේදිත් හදිසියේ රැස්නොවුණු කැබිනට් මණ්ඩලය 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ගෙනඒම සඳහා රැස්කළා. අගමැතිවරයාගේ උවමනාව මත රැස්වූ එම කැබිනට් රැස්වීමේදී ඔහු විසින් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක වුනේ නැහැ. තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අගමැතිවරයා මෙවැන්නක් ගෙනඒම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එමෙන්ම ඒ කුමන්ත‍්‍රණය පරාජය කළ සියලූම කැබිනට් අමාත්‍යවරුන්ට අපි ස්තූතිය පළ කරනවා.”
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විධායක ජනපතික්‍රමය අහෝසිකරන්න අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම හෙළාදකිනවා