IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සියලූ දෙනා පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවත් රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ  මහතා පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැලිවල සිටින සෙනග දැක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දියවී ඇතැයි ද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම ගමගේ  මහතා මෙසේද කීය.

‘‘අපේ රටේ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පැවතුණා. අපි මේ වනවිට රටපුරා වෛද්‍ය පීඨ සහ ශික්ෂණ රෝහල් ආරම්භ කරමින් යනවා. මේ මගින් අපි වෛද්‍ය හිඟය පියවීමට පියවර ගන්නවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සැප්තැම්බර් 9 වැනිදා ගොඩනැගිලි 500ක් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට ඉහළම මුදල් වෙන්කළ ආණ්ඩුව අපේ ආණ්ඩුවයි.

ලොව පුරා සිටින බෝරාවරුන්ගෙන් සමන්විත බෝරා සමුළුව මේ දිනවල කොළඹදී පැවැත්වෙනවා. මේ මගින් සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමටත් රටට විශාල ආදායමක් ලබා ගැනීමටත් හැකි වෙනවා. මේ බෝරා සමුළුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක ආදායමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා බෝරාවරුන් මේ රටට සාදරයෙන් පිලිගන්නවලූ. එක පැත්තකින් අන්තවාදය ජාතිවාදය පෝෂණය කරන ගමන් අනික් පැත්තෙන් හොද මුහුණ පෙන්වනවා. ඔවුන් මේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළේ නැත්නම් අද අපේ රටට මේ වගේ තත්වයක් උද්ගත වෙන්නේ නැහැ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මෙරටදී පැවැත්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා 2013 සහ 2014 වර්ශවලදී විශාල පරිශ‍්‍රමයක් සහ මුදලක් වැය කළා. ඒ කිසිදු විකාර මුදලක් අපි මේ සමුළුව වෙනුවෙන් වැය කරලා නැහැ.

මාලදිවයිනේ නිල සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සංචාරක ප‍්‍රවර්ධන ගිවිසුම් 4කට එරට සමග අත්සන් තැබිමට නියමිතයි. සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක්  ඒ මගින් උපයා ගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.

අපේ රජය විශාල අර්බුදවලට මුහුණ දුන් ආණ්ඩුවක්. බහුතරයක් නැති ආණ්ඩුවක් විදියට අපේ ආණ්ඩුව බහුතරයක් තිබුණු ආණ්ඩුවලට වඩා මේ අවුරුදු හතරහමාර තුළ වැඩ කරලා තියෙනවා.

අපේ පක්ෂයේ අර්බුදයක් තියෙනවා කියලා ඇතැම් පිරිස් කියනවා. අපේ පක්ෂයේ එහෙම කිසිම අර්බුදයක් නැහැ. සමහරු ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමට පෙරම ජනාධිපති අපේක්ෂකයන් නම් කරලා තියෙනවා.

අපේ පක්ෂයේ  ඕන තරම් ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා. ඔවුන් ඔය පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටිනවා. නියම වේලාව ආවහම නියම සුදුස්සා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා  යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.



අදහස් (0)

‘රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනපතිවරණය ජයගන්නවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site