(බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෙවත් පොහොට්ටුවෙන් යැයි එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා 'ලංකාදීප'යට පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ මහමැතිවරණයට ද ඉදිරිපත් වන්නේ යැයි ද එය ජයග්‍රහණය කර මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ යැයිද කාරියවසම් මහතා කීය.

පොහොට්ටුව නමැති පක්ෂය බිහිකළේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයත් දර්ශනයත් මත පදනම්ව යැයි කී හෙතෙම එයට පැවැරී ති⁣බෙන්නේ ඓතිහාසික කාර්යභාරයක් යැයිද අවධාරණය කළේය.

අඩුම කාලයක් ඇතුළත වැඩිම බලයක් අත්පත් කරගත් පක්ෂය හැටියට දැනටමත් පොහොට්ටුව තබා ඇත්තේ ඓතිහාසික සලකුණක් යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.