
(අංජුල මහික වීරරත්න)
"චාන්ස් එකක්' දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ "චාන්ස් එක" ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී පැවසීය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන් ඉදිරිපත් කරන අයවැය මගින් අයි.එම්.එෆ් කොන්දේසි සියල්ල කැඩී ගොස් ජනතාවගේ ස්ථිර අනාගතය විනාශ වී යන බවද ජනාධිපතිවරයා කීය.
මාලිමාවට චාන්ස් එකක් දී අනාගතය නැති කරගන්නවාද? නැතිනම් රට ශක්තිමත් ස්ථිර අනාගතයකට ගෙන යනවාද? යන කාරණය ජනතාව විසින් තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
"ජනාධිපතිවරණයේ අන්තිම සතියට ඇතුළු වී තිබෙනවා.මං රට බාර ගනිද්දි කවුරුවත් හිටියේ නැති වුනත් අද තිස් අට දෙනෙක් ජනාධිපති ධුරය ගන්න ඉදිරිපත් වී සිටිනවා.
එදා එක්කෙනෙකුට වත් ඔබ විඳින දුක තේරුනේ නෑ.ගෑස් නැති දුක, ආහාර නැති දුක, ඩීසල් නැති දුක, බෙහෙත් නැති දුක, දරුවන්ගේ දුක ,පාසල් යන්න බැරි දුක,ඒ එක්කෙනෙකුටවත් තේරුනේ නෑ. අද ඇවිල්ලා ජනතාව ඇන්දුවාට ඔවුන් එදා හැංගිලා හිටියේ කෙහෙද?ඇඳ යටද? පැනලා ගියාද?
හරි නම් ජනතාව දුකේ සිටියදී අතහැර දමා පලා ගිය සියලු ජනාධිපති අපේක්ෂකයන් පැමිණ පලායන්නට හේතු කියා ජනතාවගෙන් සමාව ගත යුතුයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
ජනතාවටද? ඔයාගේ පන්තියටද?
ජනතාවට චාන්ස් දෙන්නද ඔයාගේ යාලුවන්ගේ බී 54 බොල්ණය කපා හැරියේ...!
ජනතාවට සහන දෙන්නද මහබැංකුව කැඩුවේ...?
කමක් නෑ, අපේ චාන්ස් එක මේ ගමන මාලිමාවට දෙනවා.
මෙන්න මේකට පොඩි උත්තරයක් දෙන්න ඔබතුමා, අනුර කියන කොට ආර්ථිකය කඩාගෙන වැටෙන ආදායම් බදු අඩු කිරීම අද කැබිනෙට්ටුවෙන් අනුමත කරන්න කවද්ද රට කඩන් වැටෙන්නේ?
ලැජ්ජාවක් නම් නෑ. අවුරුදු 20ක් 30ක් තිබිලත් මෙයාට කරගන්න බැරිව මොනවද මේ කියන මොන්ගල් කතා...?
ඉතින් කවුද ඔය පෙට්‍රල් ලයින් හැදුවේ? මහ බැංකුව කොල්ලකෑමට සහාය දුන්නේ කවුද? කෝ අර්ජුන් මහේන්ද්‍රන්? ජනතාව බදු ගෙවන නිසා රජයට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ හැකියි. බදු ගෙවන පුරවැසියන්ට පින්සිදු වන්නට ඔබ ප්‍රශ්න නිර්මාණය කර "විසඳා ගත්තා". අපි මේ දූෂිත ක්‍රමය වෙනස් කළ යුතුයි. දේශපාලකයෝ ප්‍රභූ නොව රාජ්‍ය සේවකයින්ය. ඔබ කියන දේ අපට කමක් නැත. අපි NPP එකට ඡන්දය දෙනවා. මාලිමාව අපගේ අවසාන බලාපොරොත්තුවයි. ඔබ හෝ පුතානෝ මෙන්අනුර දූෂිතයෙක් නොවේ....
මට මේකට කියන්න හිතෙන දේ මේකේ ලිව්වාට ඒ අදහස පලකරන එකක් නැහැ...
චාන්ස් එක තීරණය කරන්නේ ජනතාවනේ? ඔයා නෙමෙයිනේ. දැන් ඉතින් තීරණය කරලා ඉවරයි. 22 දා netflix movie එකක් බලාගෙන විශ්‍රාමය ගත කරමු. විශ්රාමයත් අතින් හොඳේ.
මහ බැංකුව කැඩුව හොරුන්ට තව හොරකම් කරන්න චාන්ස් එකක් නැති වෙනවා !
ටික ටික මොළය අවුල් වේගෙන එනවද කොහෙද? .
ඔයාට නෝ චාන්ස්.
මුන්ට අවස්ථාව දෙන්ඩ ගිහින් රටටම කෙලවුනේ. එකම බලාපොරොත්තුව මාලිමාව පමණයි. මාලිමාව ආවොත් මුන්ගේ චාන්ස් එක නම් සදහටම නැති වෙනවා.
බැංකු හොරා කාපු, රට විකුණපු අධමයින්ට රටේ මිනිස්සු ආයෙත් "චාන්ස් " දෙන්නේ නැහැ. පසුගිය මැතිවරණයෙනුත් ඔයා ඡන්දෙන් පැරදුණා. ඒ වතාවෙත් මිනිස්සු ඔයාට චාන්ස් දුන්නේ නැහැ. රටේ මිනිස්සු දන්නවා ජේ ආර්ගේ බෑනාගේ වැඩ... ඔයාට ආයේ චාන්ස් නැහැ සීයේ , දැන් ඉතින් ඔයා මේ ජීවිතයේදී කරපු අකුසල් වලට මේ ආත්මයේදී හෝ ඊළඟ ආත්මයේදී ගෙවන්න සුදානම් වෙන්න.
අපි ඔක්කොම අපේ චාන්ස් එක දෙන්නේ මාලිමාවට. ඒ අය අපේ අනාගත පරපුරට වාසනාවන්ත රටක් හදනවා ස්ථිරයි. # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති..!!!
වැල් බයිලා ගැහුවා ඇති නාකියෝ. 21වෙනිදාට තමුසෙට මේ රටේ මිනිස්සු පෙන්නයි දුප්පත් අහිංසක මිනිසුන්ගේ බලය. ලැජ්ජා නැතිව චාන්ස් ගැන කතා කරනවා, අපේ චාන්ස් හොරා කාපු අශිලාචාර හොරා.
ආහාර තෙල් බේත් නැති කරපු ආණ්ඩුවෙම ඉදන් ඒව අපසු ලබා දුන්නලු. ඉතින් බලනකොට අවසානයේ කිසිම වෙනසක් වෙලා නෑනේ. එතකොට රට ගොඩගත්තා කියන හතර බීරි කතාවේ තේරුම මොකක්ද?
දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේසපාලුවන්ට චාන්ස් දීලා රටට කරපු වින්නැහිය හොන්දටම ඇති. පින් ජනපතියා ජනතාව අන්දලා චාන්ස් එකක් ගන්ඩ වගේ හිතාගෙන ඉන්නේ. පුළුවන් ශ්‍රී ලංකා කොහොමද කපටි මොළේ?
මෙයා ගත්තු චාන්ස් එකෙන් මහබැංකුවත් සුද්ද කරලා ගෝලයාව බේරලා රට ඇරියා.
මොනම හේතුවක් මත හෝ මාලිමවට ඔබේ කැමැත්ත ඔබ දුනහොත්, සිදුවන දේ මාලිමාව හෙවත් ජ. වී. පෙ. වේදිකාවේ ගිරිය පුප්ප ගෙන කෑ මොර දෙන කථිකයන්ගේ මුහුණේ ලියැවී ඇත. අනුර දිසානායක ද කතා කරන්නේ ක්‍රෝධය, වෛරය සමග ඇතිවන මානසික අතතියද සමග බව හොඳින් නිරීක්ෂණය කල විට පෙනේ. එබැවින් ඔබ කාට චන්දය දුන්නද, තමන්ගේ වල තමන්ම කපා නොගන්න වග බලා ගන්න. එසේ ඔබ කළහොත් එයිට වඩා ගෝටා දහස් වාරයක් හොඳ යැ, (හොඳ නොවුනද ) ඔබට සිතෙනු ඇත. සමාජවාදී ක්‍රමයක් තුල නිදහස් වෙළදාම බල්ලට යන අතර ණය ගෙවීමට අපනයන නැංවීම හිතන් ඉන්න තරම් ලේසි නොවනු ඇත. ඉන්දීය විරෝධය සමග බද්ධ වුනු පාලනයක් නවතිනු ඇත්තේ ජනතාවත් සමගම වල පල්ලේය.
මහින්ද දුන්න චාන්ස් එක තමා ඉතින් මුන්නැහේ අරන් ඉන්නෙ
තමන් නැතිනම් බෑ කියලා කියන්නේ. තමන් මියගිය දාට රටත් මිය යා යුතු බව නේද? එයින් අදහස් වන්නේ රටේ අනාගතයට කිසිවක් කර නොමැති තමන්ට පමණක් කරගත් පාලකයෙකු බවයි.
අතේ දුරින් ඉඳන් මේ කථාව කිව්වෙ නැහැනේ?
කාට නැතත් අර්ජුන් මහේන්ද්‍රන්ට නම් ඔබතුමා නියම චාන්ස් එකක් දුන්නා..
ජනතාවට නෙමේ වරදින්නේ. ගොබ්බ රැලට. සේරම හොරු ටිකට ඇතුලට යන්න වෙනවට බොරුවට ජනතාවට වර්දිනවලු. නාකින්ට මැරෙන්න මොහොතක් තියලා. දෙවියෝ නියමේට දුන්නා. ජනතාවට කිරි උතුරනවා ගොබ්බ රැලට. බරපතල වැඩ සහිත සිර දඬුවම්. පරක්කු වැඩි මොවුන්ට මීට කලින් දඩුවම් දෙන්න තිබුනේ. සියලුම එම්බසි වලට දැනුම්දෙන්න ඕනෑ. රටකාපු කරපු ගොබ්බ ඡන්දය ඉවර වෙනතුරු විසා නෝදි ඉන්න.
රනිල් මහබැංකුව ශුද්ධ කළා නම් රට වැසියෙක් හැටියට මෙම ලිපිය වෙනුවෙන් අදහස් දක්වා තියෙන හැම එකාටම අධිකරණයට ගොස් රනිල්ට විරුද්ධව නීතිමය කටයුතු කරන්න පුළුවන්. එහෙම නොකර එක් දේශපාලුවෙක් කියපු බොරුවක් අල්ලාගෙන නිකරුණේ නිවැරැදි කෙනෙකුට අපහාස කිරීම නුඹලාට ජාති ජාතිත් පලදෙන පාප කර්මයක් වෙනවා. පොඩ්ඩක් හිතාපල්ලා ලංකාවේ ලක්ෂ එකසිය විසිපහක් ප්‍රතික්ෂේප කරපු එකම චිට් මන්ත්‍රී තනතුරක් තිබූ කෙනෙකුට ජනාධිපති තනතුර ලැබෙන්න කොපමණ පිනක් තියෙන්න ඇද්ද කියලා හරකුනේ පිංවතුන්ට ස්වභාව ධර්මයාගෙන් වුණත් උදව්වක් උපකාරයක් ලැබෙනවා නුඹලාගේ මහලොකු අනුරයියා මෑත දිනකදී කිව්වා රනිල් පැරදිනොත් ජනාධිපති මැදුරේ එක වැලිකැටයක් වත් ගෙදර යාවි කියලා මොකක්ද එයිනුත් පේන්නේ එතුමා කිසිවක්ම හොරකම් නොකරන කෙනෙක් බව අනුරයියා වුණත් පිළිගන්නවා කියලා නේද?
දීලාම බලමුකෝ... 22 වැනිදා ඔයා ගෙදර...
අනිවාර්යෙන් ජනාධිපතිතුමනි. බිලියන ගාණක් වටිනා පොදු ජනතා දේපළ ගිනි තියලා අලු කරපු අයට ආයෙත් ඒකම කරන්න කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ... මේ රටේ බුද්ධිමත් ජනතාව...
ඔය චාන්ස් දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්, ටිරාන් වැනි අයට, මංකොල්ල කාරයින්ට මිසක් සාමාන්‍ය මිනිසුන්ට නොවේ. රියදුරු බලපත්, පාස්පෝර්ට් පෝලිම්වල දුක්විඳින අපිට ඔයාව මතක්වෙනවා...!
ජේවීපී මඩ බලකාය කොච්චර උඩ පැන්නත්, නිහඬ බහුතරය මේ රට කියුබාවක්, උතුරු කොරියාවක් වෙනවාට කැමැති නෑ...
රාජපක්ෂලාගේ ආරක්ෂකයා, දැන් ගෙදර යන්න.
රනිල්, සජිත්, නාමල් මේ ඔක්කොම හොරු සෙට් එක... මේ කාටවත් ඡන්දෙ දෙන්න එපා.
රනිල් කියන අදූරදර්ශී අසාර්ථක මනුස්සයාට වැඩිය වෙන ඕන කෙනෙක් හොඳයි. නමුත් රටට මේ වෙලාවේ අවශ්‍ය නියම වෙනසක්. ඒ නියම වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන් අනුරගෙන් විතරයි..
රනිල් දන්නවා දැන් මාලිමාවට වැඩේ කැරකිලා කියලා...! දැන් වැඩේ පරක්කුයි.
47 වසරක් දේශපාලනේ කෙරුවේ ලැබුණු චාන්ස් වලින් නෙවෙයිද? වයසත් එක්ක බැලුවාම හිටියා හොඳටම ඇති. ආයේ මොන චාන්ස්ද?
ඔබට ලැබී තිබූ කාලය මදි වුණාද රට දියුණු කරන්න. සිංගප්පුරුව අන්ත දුගී රටක් ඔබ ඇමති තනතුරක් දරන කොට. ඒ අපි ඉපදෙන්නත් කලින්. දැන් අවුරුදු 40 කටත් වැඩි කාලයක් ඔබ දියුණු කරන්න උත්සාහ කළ රට තියෙන්නේ ගව් ගානක් පිටිපස්සට ගෙනිහින්. දැන් අපිට හොඳටම මහන්සියි. කරුණාකරලා පින්සිද්ද වෙයි පුළුවන් කෙනෙකුට ඉඩ දීලා මහත්මයෙක් වගේ විශ්‍රාම යන්න...
ඔක්කොම හොරු එක මිටට තියලා 21 දාට පාඩමක් උගන්නමු.
6 වතාවක් අගමැති වුණු ඔබට තාමත් අයිඩියාවක් නැහැ රට හදන්න,ඒකත් 2048 ලු රට හදන්නෙ,