IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් ආරම්භ කරලා ’

(අනීෂා මානගේ)
 
මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමේ කටයුත්ත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසූයේ අද(23) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
 
“මේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ඡන්දය ලබාගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිටදී ලොරි පිටින් ගෙනත් සිමෙන්ති බෙදනවා. මෙය සම්පූර්ණයෙන් අල්ලසක්. මැතිවරණ දූෂණයක්. කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට පැමිණිලි කළාට කිසිම වැඩක් වෙලා නැහැ. පොලිස් නිලධාරීන් සියලු දෙනා රාජ්‍ය අණසකට යටත් කර තිබෙනවා.  රාජ්‍ය සංකල්පය යටතේ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමක් දකුණෙන් සජිත් ප්‍රේමදාස ආරම්භ කර තිබෙනවා.
 
අපිට පහසුම අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා කරන සිල්ලර, නීති විරෝධී වැඩ දැක්කාම ඒ තුළින්ම පොහොට්ටුවට නිකන්ම ඡන්දෙ ලැබෙනවා. තිස්සමහාරාම, බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රදේශවල අපි සංචාරය කළා. හැම ගෙදරකටම ලොරි පිටින් සිමෙන්ති බෙදනවා. මගේ ළග තිබෙනවා ලොරි රථවල අංක. මේ බෙදන සිමෙන්ති ගැන මේ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන විට මැතිවරණ නීතියවත් කඩන්නේ නැතුව ඒක ඉෂ්ඨ කරන්න බැරි ඇමතිවරු ඉන්න රටක ඒ ඇමැතිවරයා ජනාධිපති ධූරයට පත් කළොත් කොහොම නීති කඩාවිද?

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා පත්කර ගැනීම රහසක් ලෙස තියාගන්න සිදුවෙලා. ඔහු කියනවා මේ වන විට 225ම එපාවෙලා නිසා අවසාන වෙලාවේ කියන්නම් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයගේ උපදෙස් මතද දන්නේ නැහැ. මොකද මීට වසර තිහකට විතර ඉස්සරවෙලා මේ රටේ මිනිස්සුන්ගේ ඇට මස් ලේ නහරවලට මතවාදයක් අරගෙන ගියා. හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව් කියලා. පළවෙනියෙන් ඡන්දයට ඉදිරිපත් වන හැමට දඬුවම මරණයයි. ඡන්දෙ දෙන්න යන පළවෙනි පස් දෙනා මරණවා. එහෙම මරලා දණහිසෙන් පහළට දාලා වළලන්න කියලා නියම කළා.
 
අද එවැනි භීෂණයක් එවැනි ත්‍රස්තවාදයක් ලංකාව තුළ නැහැ. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපි බොහොම පැහැදිලිව ජයග්‍රහණය කළ හැකියි. 60%ක ජයග්‍රහණයේ ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට. රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අනෙකුත් රට පැත්තේ හිටගන්නා සියලු පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.
 
ජනතාව පොදි බැඳගෙන බලාගෙන ඉන්නේ පැවැත්වෙන්නේ කුමන මැතිවරණක් වුණත් මැතිවරණය ලබා දෙන තුරුයි. පක්ෂ පාට බේදවලින් තොරව රට පාවා දෙන්නේ නැතිව, රට නැවැත ගොඩ නඟන්න පුළුවන්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු අයට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් තැනැත්තෙක් නායකයා විදියට පත් කිරීමයි ජනතාවගේ අපේක්ෂාව  ” යැයිද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (0)

‘මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් ආරම්භ කරලා ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site