IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


භාරකාර නැතිනම් බරකරත්ත ආණ්ඩුවක් හරි ඕනෑ - මෛත්‍රී ගුණරත්න

ජේ.කේ.එල් චාමින්ද
 
භාරකාර ආණ්ඩුවක්  නැතිනම් බරකරත්ත ආන්ඩුවක් හරි  ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදරයැවිය යුතු බැව්   එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.
 
 ඒ මහතා මේ අදහස් පැවසුවේ අද (14)  දහවල් ගාල්ල කතළුවේදී  පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.
 
‘‘මේ ආණ්ඩුව නොමැතිව ඕනෑම ආණ්ඩුවක්  භාරකාර ආන්ඩුවක් හරි කමක් නෑ බරකකරත්ත ආණ්ඩුවක් හරි කමක් නෑ  මේ හාදයෝ ටික නැතිව.  මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා රටේ ජනතාවට උපරිම දුක දීලා තියෙන්නේ.
 
 අද දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා.  ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා.  අද රස්සාවක් සොයාගන්න නෑ ගමේ ආර්ථිකය විනාශ වෙලා තියෙනවා.  ඒ නිසා මම කියන්නේ බාර කාර ආණ්ඩුවක් නෙමේ බරකරත්ත ආණ්ඩුවක හරි දාලා  මේ අගමැති වරයා සහ හොරු රැළ ගෙදර අරින්න ඕන කියන එකයි.
 
මේ ආණ්ඩුව පැහැදිලිවම ඡන්ද තියන්නේ නැහැ.  එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුනෙන්  විසි වැනි ව්‍යවස්තා සංශෝධනයක් ගෙනැල්ලා තියෙනවා. මේ ගැන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරලා තියෙනවා.
 
ආන්ඩුවට බැරිනම් පළාත් සභා මැතිවරණ ටික තියෙන්න කරුණාකරලා ජනමති විචාරණයකට යමු.  විසි වැනි සංශෝධනය   අනුමත කරනවාද  නැද්ද මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත අනුගමනය කරනවාද නැද්ද  මේ ආණ්ඩුව රටේ ජනතාවට සේවය කරනවාද නැද්ද  කියන එක තේරුම් ගන්න පුළුවන්නම් ජනමත විචාරනයකට ගියොත්.‘‘

 

 



අදහස් (0)

භාරකාර නැතිනම් බරකරත්ත ආණ්ඩුවක් හරි ඕනෑ - මෛත්‍රී ගුණරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site