(හර්ෂණ තුෂාර සිල්වා)
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය නොතකන ලොවපුරා සිටින අධිපතිවාදී දේශපාලනඥයන්ට යස පාඩමක් යැයි හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ලංකාදීපයට අද (24) පැවැසීය.
පාර්ලිමේන්තුව අත්හිටුවීම හෝ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට හෝ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුවක් දුන්නේය. එකළොස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් එම තීන්දුව ලබාදුන්හ.
එම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.
“බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව එරට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන නියෝජිතයන්ගේ ජයග්‍රහණයක්. එමෙන්ම ඔවුන්ගේ ශක්තිමත් බව සහ බලය පෙන්නුම් කරන්නක්. එපමණක් නොව එම ඉතිහාසගත තීන්දුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තහවුරු කිරීමක්.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහු ගෙන එන ලද අණ පනත් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වෙද්දි බහුතර මහජන නියෝජිතයන්ගේ විරෝධය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළා. අග්‍රාමාත්‍යවරයා ගත් සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී එම තීරණය නීතිවිරෝධී කරමින් බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ලොවපුරා සිටින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අධිපතිවාදී
දේශපාලනඥයන්ට යස පාඩමක් උගන්වන තීන්දුවක්.
එපමණක් නෙවෙයි, මේ තීන්දුවත් සමඟ කෙටිම කාලයක් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හෙබවූ තැනැත්තා බවට පත්වීමේ අවදානමකට ද අගමැති ජොන්සන් මුහුණ දී සිටිනවා” ඉම්තියාස් බාකීර් මාකාර් මහතා තවදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිපතිවාදී දේශපාලනඥයන්ට පාඩමක්