
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙන් බිහිවන ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ නිති සම්පාදනය කරන බව, පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එලෙස පැවසුවේ අම්පාර නගර සභා ශ්‍රවනාගාර ශාලා පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න, ජන්දය මුදල්වලට, බාර් ලයිෂන්වලට විකිණෙන යුගය නවත්වනවා. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් පටන් ගන්නවා.
අපි පැහැදිලිවම උතුර නැගෙනහිර එකතු කරන්න දෙන්නෙ නෑ. පැහැදිලිවම ඉඩම් හා පොලිස් බලතල දෙන්නෙ නෑ. ඒ වගේම නැගෙනහිර පලාත සංවර්ධනය කරන බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.
නැගෙනහිර පලාතට අධිවේගී මාර්ගයක් ගෙනඑන්න, ගොවියා ශක්තිමත් කරන අතරතුර වැව් අමුණු හදන්න, ව්‍යවසායකයා ශක්තිමත් කරන්න, සංචාරක ව්‍යාපාරය, වෙළඳ්‍යාපාර දියණු කරන්න මහින්ද රාජපක්ෂ රජයට දැක්මක් තිබුණත්. 2025 පත්වුණ රජයට සංවර්ධනය පිලිබඳව අවබෝධයක් නොතිබීම හේතුවෙන් සියල්ලම ඇණහිටියා. මේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක් මහතා ද, එක්ව සිටියේය.


COMMENTS
ඔය සාටකෙන්ම බෙල්ලේ දාගෙන අප්පොච්චිගේ සැලුන්දොරේම එල්ලෙන්න.. ලැජ්ජා නැහැ...!
තිත නැතිව සෙමි කොලමක් තියන්න කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා.
හිනා වෙන්නේ කටෙන්ද වෙන තැනකින්ද කියලා හිතා ගන්න බෑ. ඕක කියද්දී තාත්තා අප්පුඩියක් ගැහුවේ නැතෙයි...?
සැඟවුණු බයියා අවතක්සේරු කරන්න එපා.. ඡන්ද පොළට ගියාම පොහොට්ටුව ලකුණ දැකලා මහින්ද රාජපක්ෂ මතක්වෙලා නාමල්ට කතිරේ ගහන විශාල පිරිසක් ඉන්නවා. රනිල්ට වැඩියෙන් නාමල් ඡන්ද ගන්නවා. නාමල් ඡන්ද ලක්ෂ 15-18 අනිවාර්යයෙන්ම ගන්නවා. රනිල්ට එපමණ ගන්න බැහැ. අරටු බැහැපු මහින්ද වාදියෝ සහ පොහොට්ටු කාරයා කතිරේ ගහන්නේ පොහොට්ටුවට මිසක් වෙන දෙයකට නොවේ..
අනේ මගේ කට... අප්පච්චිත් අවුරුදු ගණනක් තිස්සේ මහ පුටුවත් රත්කරලා..., රටේ ධනය මැදමූලනට එකතු කරගෙන රටට කළේ මොනවද? රටේ වත්කම් හොඳට විකිණූ හැටි කියන්න අමතක වුණාද?
පස්සෙනුත් හිනා යනවා...!
පොහොට්ටුවට 2/3 තියෙද්දී පනින අයට පොහොට්ටු තිබ්බා විතරයිනේ කළේ... ඇයි අප්පා ළඟ තියාගෙන ඔහොම කතා කියන්නේ?
දැන්ද මතක් වුණේ..., තමන් අමාරුවේ වැටෙන කොට තමයි හොඳ දේවල් මතක් වෙන්නේ. ඒ කාලේ ඉඳන් JVP එක ඔය පනත ගේන්න ගියානේ. මොකද වුණේ..? කට්ටියම අද වාසිය බැලුවා විතරයි. අද ඒ දේ කළා නම්, අද කොහොමද පොහොට්ටුවේ අය රනිල් ගාවට යන්නේ...!
රටම හොරාකාලා බන්කොලොත් කරපු දූෂිත පවුල් පාලනේ අයගේ මුහුණු දකින එකත් අපිට හරිම පිළිකුල්. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරී මාන්ස උරාබීපු ලේ මාපිල්ලු. ගුණමකුවෝ රැවටිලි කාරයෝ. සදහටම හිරගෙදර ඉන්න ඕනෑ අය...!
කතා කරන්නේ කොහෙන්ද මන්දා..?
අෙප් මහෙල්කම් ගත්ත හන්දා අපි ඒෙගාල්ලනගේ මහ ලේකම් ගත්තා කියල කිවේ කවුද කියල මතකද පුතේ ?
එහෙම කරලා ඔයා කොහොමද අප්පච්චි නවත්තපු තැනින් පටන් ගන්නේ.. සැලුන් දොරවල් ඇරලා සල්ලි වලට ඔළුගෙඩි මාරු සෙල්ලම අප්ප කිසිම හිරිකිතයක් නැතිව කරනකොට ඔයාලට ඕවා තේරුනේ නැද්ද පක්ෂේ හෝදාගෙන යනකොට ද එකේ අපුල දැනුනේ
මේවට හිනාවෙන්න ඕන කොහෙන්ද කියලා කියන්න ඕන නෑනේ. මුන්ට කඩේ යන ගොන් නාම්බෝ තාමත් ඉන්නවනේ.
ඊට කලින් මේ රටේ ජනතාව ඔහෙලගෙ සනුහරේටම තිත තියනවා
පිල් මාරුව කෙසේ වෙතත් පක්ෂ කඩලා එකිනෙකා බේද බින්න වෙන තැනට වැඩ සිද්ද කෙරුවෙත් තමුන්ගේ උන්ම තමා.
මම හිතුවේ මේ අනුර හරි සජිත් හරි කිව්වා කියලා . බැලින්නම් මේ යකානේ.
අයියෝ, තාත්තයි, මාමලයි කරපුවානේ මෙයා නවත්තන්න යන්නේ?