IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න

ශ්‍රී ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ වැය කර ඇත්තේ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා බවත්, එම කාලය තුළ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 588ක් පමණක් බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ආයතන හැරුණු කොට මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 79.3ක්ම අපේ ණය බර බවත්, පසුගිය දශකයක පමණ කාලය තුළ රාජ්‍ය ආදායමින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ණය වාරික හා පොලිය ගෙවීම වෙනුවෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව දක්වා ඇත්තේ රටේ ආර්ථික, දේශපාලන හා සාමාජීය කාරණා පිළිබඳව විශ්ලේෂණය කරමින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

“අධිවේගී මාර්ග සඳහා වැය කරන ධනය රටට ඔරොත්තු දෙන ධනයක්ද?, රටේ ණය බරට එයින් වන බලපෑම කුමක්ද යන්න සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි. රටේ නොයෙක් සංවර්ධන ප්‍රමුඛතා ඇති අතර, පානීය ජලය නොමැතිකම, ගොවිතැන් සඳහා ජලය නොමැතිකම, නිවාස ගැටලුව, වැසිකිළි - කැසිකිළි ගැටලුව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය ආදී නොයෙක් ගැටලුවලට මිනිසුන් මුහුණ දී සිටිනවා. එමෙන්ම ප්‍රවාහනය ශක්තිමත් කිරීමත් මාර්ග පහසුකම් වැඩිදියුණු කර ගැනීමත් සංවර්ධනයේ ප්‍රමුඛතාවක්. මෙහිදී සංවර්ධනයේ ප්‍රමුඛතාව හිමි විය යුත්තේ කවර කරුණු කාරණා සම්බන්ධයෙන් ද යන වග සැලකිල්ලට ගත යුතුයි.

ලංකාව මධ්‍ය ආදායම් රටක් බවට පරිවර්තනය වීමත් සමග රටේ ජනගහණයෙන් සියයට 50 ක් පමණ නාගරීකරණ පහසුකම් භුක්ති විඳිනවා. රටක් හැටියට පත්වීමත් සමග නාගරික තදබදය සහ පාරිසරික වශයෙන් ඇති වී තිබෙන ව්‍යසනකාරී ගංවතුර, නායයෑම් වැනි අනතුරු ඇඟවීම් සමග නාගරිකරණය සහ ජනාවාසකරණය තිරසර සංවර්ධනයත් සමග කෙසේ ගමන් කළ යුතු ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව තිබෙනවා.

 ණය බර පිළිබඳ කාරණය වත්මන් රජය අත්විඳින ප්‍රමුඛ අභියෝගයයි. රාජ්‍ය මුල්‍ය එසේත්  නැත්නම් අපේ පිස්කල් බැලන්ස් එක පිළිබඳ කාරණය පිළිබඳ සලකා බැලුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2017 ඔක්තෝබර් සංගුණකවලට අනුව ලෝකය සමග සැසැඳීමේදී ලංකාව රටවල් 193ක් අතුරින් 143 වන ස්ථානයේ පසුවෙනවා.

ඒ අනුව රජයේ ආදායම් හා වියදම් පිළිබඳව අප සිටින්නේ ලෝකයේ අන්තිම පන්තියේයි. රාජ්‍ය ණයගැතිභාවය පිළිබදව අවධානය යොමුකළ විට රටවල් 193ක් අතුරින් අපි සිටින්නේ 157වන ස්ථානයේය. රාජ්‍ය ආයතන හැරුණු කොට අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 79.3 ක්ම අපේ ණය බරයි. තවද අනෙකුත් රාජ්‍ය ආයතනත් සමග ගත්විට මෙය සියයට 90කට වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2007 ඔක්තෝබර් මාසයේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

රටේ ණය බරට වඩා ඒ රටට ණය ගෙවන්න තිබෙන හැකියාව, පොලී අනුපාතය කීයද යන්න ගත්විට ලෝක බැංකුවේ වාර්තාව අනුව දත්ත තියෙන රටවල් 95 අතුරින් ලංකාව ඉන්නේ 91 වැනි ස්ථානයේයි. දැනට බංකොළොත්භාවය ප්‍රකාශ කර ඇති ග්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය වැනි රටවලුත් අපට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ජපානය අපට වඩා ණයගැතියි. ජපානයේ ණයගැතිභාවය ඒ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 250ක් පමණ වෙනවා. අපේ රටේ එය සියයට 80කට ආසන්නයෙන් තිබෙන බව නිල වාර්තාවල සඳහන් වෙනවා.

කෙසේ වුණත් අපිට අපේ පොලී අනුපාතය අරගත්තට පස්සෙ ණයවල සක්‍රිය පොලී අනුපාතය සියයට 8 කට වඩා වැඩියි. අපේ රටට ලැබෙන සහන ණය ප්‍රමාණයට වඩා වාණිජ ණය ප්‍රමාණය සියයට 55 ඉක්මවා තියෙනවා. මේ තත්ත්වය යටතේ ලංකාව ලොකයේ දත්ත තොරතුරු තියෙන රටවල් 95 අතුරින් 91 වැනි ස්ථානයේ, ඉතාම දුර්වල තැනක මුල්‍යමය වශයෙන් ලංකාව පසුවෙනවා.

පසුගිය දශකයක පමණ කාලය තුළ අපේ රාජ්‍ය ආදායමින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් වැයවන්නේ ණයේ වාරිකය හා පොලිය ගෙවීමටයි.  එසේනම් මේ තත්ත්වය යටතේ දී රටේ අනාගත ආයෝජන, විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන බුද්ධිමත්ව හැසිරවීම සිදු නොකළ හොත්, ඒ වගේම ආදායම්, රැකියා උත්පාදනය කරන තැන්හි නිසි හැසිරවීමක් ද සිදුවූයේ නැතිනම් රට තව තවත් ණය අර්බුදයක ගිලෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි ආදායම් නොඋපදවන ආර්ථික සුදු අලිසේම අධිවේගී මාර්ගත් සුදු අලි බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම නිවාස හා නාගරීකරණයට රුපියල් බිලියන 50ක් වත් වියදම් කරලා නෑ. මේ වියදම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපට හොඳ සංගුණකයකුත් ලැබිලා තියෙනවා. අපි මේ ලෝකයේ ප්‍රවාහන මහාමාර්ග තත්ත්වය අනුව බැලුවහම දැනට අපි ලෝකයේ 34වැනි ස්ථානයේ සිටින්නේ. එතනදී අපිට පන්තියේ මුල් පේලිය හම්බෙලා තියෙනවා. නමුත් එයට අපි විශාල වන්දියක් ගෙවනු ලැබුවා. රුපියල් බිලියන 1700ක්. අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කළා වගේ තුන් ගුණයක් අපි එතනට වියදම් කරලා තමයි ඒ තත්ත්වය අරගෙන තිබෙන්නේ’ යයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 



අදහස් (6)

දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න

de silva Monday, 23 October 2017 07:35 AM

දැන් සංවර්ධන කටයුතු කෙරෙන්නේත් නැහැ , බඩුමිල අඩුත් නැහැ , පොරොන්දු වුණු පරිදි ආර්ථික හොරු ඇල්ලුවෙත් නැහැ. අලුතෙන් කෙරුණු මහබැංකු හොරකම අල්ලලා නඩු පවරන්න මෙපමණ සාක්ෂි තිබෙද්දී බොරුවට අඳුරේ අතපත ගානවා. මැති අමැතිවරුන්ට දෙන වාහන වෙනත් වරප්‍රසාදවල නම් අඩුවක් නැහැ. ජනතා අප්‍රසිද්ධියට බයේ පළාත්පාලන ඡන්ද තියාගන්න බැරුව එක එක බොරු කියමින් කාලය කනවා.

:       168       217

Senarath Monday, 23 October 2017 09:16 AM

ඇමතිතුමා බැලුවද 2005 දී අපි කොහෙද ලියල හිටියේ ? එදා රටේ ප්‍රවාහන පහසුකම් වැඩිකලෙත් නැහැ. යුද්දෙ නිමකලෙත් නැහැ. ඒ වුණාට රටේ ජාතික ආදායමට වැඩිය ණයබර වැඩියෙන් තිබුණා. එදා 102% ක් ව තිබුන ණය බර 2015 වෙනකොට 75% ට වඩා අඩු වුණා. අද ප්‍රවාහන පහසුකම් අතින් ලෝකයේ 34 වැනි ස්ථානයේ පසුවෙන එක ප්‍රධාන සාධකයක් වෙනවා අපේ රටට සංචාරකයෝ එන්න.... ඒ වගේම ආයෝජකයෝ එන්න. ආයෝජකයෝ නොඑන හේතුව රටේ දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිකම සහ මේ ආණ්ඩුවේ මහබැංකු වංචා. ඒ විතරක් නෙමෙයි, රටේ ජනතාවගේ වටිනා කාලය ඉතිරිකරගන්න. ඒ වගේම අපේ රටෙන් ඉන්ධන ගෙන්නන්න වැයවෙන මුදල අඩුකරගන්නත් මේක හේතුවක් වෙනවා. ඒ වගේම වාහන වල නඩත්තු වියදම අඩුවෙනවා. එක බස් එකකට යා හැකි ගමන් වාර ගණන වැඩිවෙනවා. අද කොළඹ ගාල්ල හයිවේ බස් එකකට ගමන් වාර 3 ක් වුණත් යන්න පුළුවන්. ඒ වගේම හයිවේ එකෙන් ලැබෙන ආදායම රජයේ ආදායම ඉහල දමන්න හේතු වුණා. යහපාලන රජය මොනවද කලේ රටේ ආදයම ඉහල දමන්න? ටැක්ස් ගහපු එකද? ඔබලා තවම විශ්ලේශණය කරමින් ඉන්නවා කිසිම වැඩක් නොකර....

:       215       340

newrathna Monday, 23 October 2017 06:43 PM

senarath සමග de silva කෙපර බාන්නේ නැතුව ඉන්නවද?

:       119       0

Rohana Tuesday, 24 October 2017 06:17 AM

ඇමති මණ්ඩලය ඇතුළු මන්ත්‍රීවරු නඩත්තු කරන්න කියක් ගියද?

:       0       2

sathyayaa Tuesday, 24 October 2017 11:28 PM

ඇමති තුමා මැරිලා ඉපදුනාට අපි මැරිලා ඉපදුනේ නැහැ. ඉදිරිපස මුඛ සහ පශ්චාත් මුඛ වසාගෙන සිට අතීතයේ සිදුවුණ වැරදි සහ ඉන් වර්තමානයට හා අනාගතයට වූ හානිය ගැන කතා කරන්නේ 2020 දී තරඟ වදින කොට ලකුණු දා ගන්නට ද ?

:       0       0

Bamunuarachchi Saturday, 11 November 2017 12:00 PM

මෙයා හඳෙන් ආවා වගේ කතාව.. ඇයි හිටියේ ආණ්ඩුවේ නේද? රටට වැඩක් කළා නම් ඔය ණය සල්ලි වලින් නේද කළේ? නැතුව ගෙදරින් ගෙනාවේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 396 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1583 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site