(බිඟුන් මේනක ගමගේ)
කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණයේදී සිය දෙවැනි මනාපය කිසිවෙකුටවත් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(09) ‘ලංකාදීප’ යට කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු කිරීමට යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද කැඩීමට යැයි ද එහි වාසිය කෙලින්ම ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට යැයි ද ගුණවර්ධන මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එහෙත් ඉතිහාසය පුරාම සිදුව තිබෙන්නේ ආණ්ඩු විරෝධයෙහි ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයාට බහුතර ඡන්දය ලැබීම යැයි කී හෙතෙම රෝහණ විජේවීර, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර, නන්දන ගුණතිලක, ඔසී අබේගුණසේකර ආදී වශයෙන් ජනාධිපතිවරණවලට තරග කළ තෙවැනි බලවේගවලට අත් වූ ඉරණමෙන් එය පැහැදිලි වන්නේ යැයි අවධාරණය කළේය.
අවසාන මොහොතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමා තවමත් විශ්වාස කරන්නේ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දෙවැනි මනාපය කාටවත් දෙන්නෙපා ’