
(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)
ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි. එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු යැයි බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි .
දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට රටම ගිලගෙන ඇති බවත් මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂවලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි.
එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නොමැති බවත් මොවුන් කිසිවිටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිත කටයුතු නොකරන බවත් සරත් ෆොන්සේකා මහතා පවසයි .
ඒ මහතා මේ බව කියා සිටියේ (19) පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි .
සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවත් පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොමැති බවත් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.
රටේ දූෂණය සහ අවභාවිතය නැවැත්වීම, සොරුන්ට දඬුවම් දීම හා මත්ද්‍රව්‍ය උවදුරු සහ පාතාලයෙන් රට මුදවා ගැනීම, සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් විදේශ විනිමය ළඟා කර ගැනීම , කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම හා අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සදහා කටයුතු කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ද ඒ මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අවුරුදු පහකට සැරයක් එන අයව කන්න බොන්න දීලා බලාගන්න ඕනේ අපිද?
දූෂණය බරපතල උවදුරක් බවට සැකයක් නොමැත. එය මුලිනුපුටා දැමිය යුතුමයි. නමුත් අප රට මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයට එකම හෝ ප්‍රධාන හේතුව එය නොවේ. අපගේ රාජ්‍ය වියුහයයි. සුබසාධනයම මුල් කරගත් ක්‍රමවේදයයි. ඉපැයීමක් නැතිව බෙදා දීමේ පුරුද්දයි. වැඩ නොකර සල්ලි හොයන මානසිකත්වයයි. සොරකම් කළා යයි කියන මුදල් සොයා ගැනීමෙන් පමණක් රටේ සියලු ව්‍යාධි දුරු කරන්නට හැකි යයි සිතීම තරම් අමන, අවිචාරශීලී කතාවක් නැත. එතරම් විචාරශීලී නොවන සහ ඉක්මනින් ප්‍රතිඵල අපේක්ෂා කරන ප්‍රධාන වශයෙන්ම මධ්‍යම පාන්තික ජනතාවට මේ කතා ආකර්ශනීය වුවත් ඇත්ත ඇත්තේ ඊට බොහෝ දුරිනි. ජවිපෙය විසින් ජනගත කරන ලද මේ 'හොර' කතාව ෆොන්සේකා ද රසටම ගිල ඇති බව පෙනේ. මේ හොරු කතාවට කැමැති බොහෝ දෙනා තමන් විසින් තම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුත්තේ තමන් ද, කොතෙක් තමාගේ සේවා ස්ථානවලට බොරුකර ඇති ද යන්නයි. අනුන්ට වරද පටවා තමන්ගේ අත සෝදා ගැනීමට අපි කවුරුත් කැමැතියි. කුණු ටික මහමගට විසිකර නගර සභාවට බනින අපි මෙවන් හොරු කතාවලට ඇදීයාම අරුමයක් නොවේ. නමුත් ෆොන්සේකාගේ ජනාධිපති කතාව නම් හැබෑයි. එල්ටීටී යුද්ධය මෙන්ම කොවිඩ් යුද්ධයද දිනුවේ විධායක ජනපතිකම් නිසායි.
විධායක ජනාධිපති තනතුර අහෝසි නොකළ යුතුයි...!
කියන්නේම මෝඩ කතා... ඉතින් කොහොමද දිනන්නේ?
ජනාධිපති විධායක බලතල ඉවත් නොකළ යුතුයි...
2010දි පරාද වුණාට පස්සේවත් මේ මනුස්සයා පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ. විරුවෙක් විය යුතු කෙනෙක් නරියකු කරමින් මෙතුමා දේශපාලන නරා වළට ඇද දැමූ අය ඊට වගකිව යුතුයි.
ඔබතුමාගේ රැස්වීම්වලට සහභාගි වන ජනතාවට මේ පණිවිඩය දෙන්න...
ගෙදර ඉදගෙන හරි ප්‍රතිපත්තියක් තියන අපේක්ෂකයෙක්ට සහය දෙන්න. ඔබට ලැබිය යුතු වගකීමක් සුදුසු කාලයේ දී ලැබෙයි...
හොර දුෂිත මිනීමරු... ඕනෑම ජරා වැඩක් කිරීමට ඉඩ සලසන විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන්ම අහෝසිකළ යුතුයි. පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් හොඳටම ඇති රටක් පාලනය කරන්න. උදා; එංගලන්තය, ඉන්දියාව. මේ රටවල් යුද්ධ කරලා නැතිද? කොරෝනා පාලනය කලේ නැතිද?
ෆොන්සේකාට පඩිසන් දීලා තියෙන්නේ අපේ මහින්ද ජනාදිපතිතුමාට කරපු ද්‍රෝහී කම් සහ කරපු කතා.......
මට නම් කියන්න තියෙන්නේ ඔබ තුමා යුද්ධය කලාට දේශපාලනිකව අපරිනතයි. විධායක ජනාධිපති කමට බුද්ධිමත්, අවංක සහ රටට ආදරය කරන, කැපකිරීමට සුදානම් දිරිමත් කෙනෙක් වුවහොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නොවුනොත් සම්පුර්ණයෙන්ම අවුල්.