IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘එජාපයේ එක් කොටසක් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න වැඩකරනවා‘‘

(කාංචන කුමාර ආරියදාස)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යන්නේ අතපය හතර බැඳ වතුරකට දැමූ ක්‍රමවේදයක් ලෙස බවත් අනිවාර්යෙන්ම එජාපයේ එක් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරනු ලබන්නේ පළිගැනීමකට බවත්  සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කරගැනීම පක්ෂ නායකත්වය තහවුරු කරගැනීම සහ අග්‍රාමාත්‍ය සිහිනය සාර්ථක කරගැනීම සඳහා බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව කවුරුන් ඡන්දය ඉල්ලා සිටියත් අනිවාර්යෙන්ම දැඩි අන්ත පරාජයකට පත් වීම සිදුවන බව  කරුණාරත්න මහතා කිවේය.

එමෙන්ම ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ ද තත්ත්වය මේ ආකාරයෙන්ම සිදු වන බව පක්ෂ කිහිපයක් දෙකට බෙදී තිබීම නිසා ජනතාවගේ කැමැත්ත ගැනීමට නොහැකිවන බවත් මෙවර එකවරම ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් අපේක්ෂාවේ පොදු අපේක්ෂකයා ජනාධිපති වන  එක කිසිවකුටත් වැළැක්වීමට නොහැකි බවද ඔහු කීවේය.



අදහස් (0)

‘‘එජාපයේ එක් කොටසක් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න වැඩකරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site