(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින්ම දන්නා බවත් තමන්ට එරෙහිව කොතරම් මර්ධනය මුදාහැරියද ආණ්ඩු වෙනසක් සඳහා ජාතික මැතිවරණයක් දිනාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය දියත් කර ඇති සටන අත්නොහරින බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
අසාර්ථක යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට ඉඩක් ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ වෙනුවෙන් තමන් ක‍්‍රියාත්මක වන බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා එක් පුද්ගලයකුගේ හෝ යම්කිසි කණ්ඩායමක අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සභාග ආණ්ඩු පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් නැතැයිද කීය.
සභාග ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව සඳහා ජනාධිපතිවරයා පළමු පියවර තැබිය යුතු බවත් එවැනි සූදානමක් තවමත් නොමැති බැවින් සභාග ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව තවමත් මිරිඟුවක් පමණක් බවත් සඳහන් කළ යම් හෙයකින් එවැනි තීරණයකට එකඟ වන්නේ ජතික මැතිවරණයක් දිනාගැනීමේ අරමුණින් පමණක් බවද පැවසීය.
තමන්ට එරෙහිව කොතරම් මර්ධනය දියත් කළත් එක්සත් ජාතික පක්‍ෂය සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනාධිපතිවරයා හොඳින්ම දන්නා බවත් ඉතාම ඉක්මනින් ජාතික මැතිවරණයක් දිනාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සටන් කරන බවද කීය. ඒ සඳහා දැනටමත් ගම් මට්ටමින් වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල , නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එජාප ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනපති දන්නවා - නාමල්