IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ‘

(නිමල කොඩිතුවක්කු)


ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ජයග‍්‍රහණය කළ බවට පවසමින් මේ දිනවල  සැණකෙලි පවත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුළත්  ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (31) පැවසීය.


තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් පිහිටුවන බවට උදම් ඇනූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සරල බහුතරයවත් රැක ගැනීමට නොහැකි තත්වයට අද පත්ව ඇතැයිද වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.


සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.


    ‘‘රටේ ආර්ථික තත්වය බරපතල තත්වයකට පත්ව තිබෙනවා. විරැකියාව වැඩිවෙලා තියෙනවා. ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙච්ච දේවල් දෙන්න විදියක් නැහැ.


මේ අභියෝග මැද මේ වර්ෂය එළැඹෙන්නේ  මැතිවරණ වර්ෂයක් විදියටයි.  දැන් දෙමළ ජාතික සන්ධානයත් ඔවුන්ගේ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටිනවා. මේ නිසා ආණ්ඩුව  ඉන්නේ හැම අතින්ම අසීරු තත්වයකයි.  


ජනතාව  මුළා කරන කෙටිකාලීන අයවැයක් ගෙනල්ලා ඡන්දයකට යන එක තමයි  දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ.  එහෙම නැත්නම් ඒ අයට කරන්න තියෙන්නේ ඡන්දයක් නොතියන  තැනට රට ගෙනියන එකයි.


මේ ආන්ඩුවට  දැන් සරල බහුතරයත් නැහැ. එක්සත්  ජාතික පක්ෂයේ පසුපෙළ  මන්ත‍්‍රීවරුන් දැන් වෙනම කණ්ඩායමක් විධියට පෙනී සිටිනවලූ.  මේ අනුව  දැන් ආණ්ඩුවට අර 103ත් නැහැ. 


මෙවැනි තත්වයට පත්වෙච්ච  ආණ්ඩුවක් ඡන්දයක් නොතියන තැනට  මේ රටේ යම් සිදුවිම් ඇතිකරන්නත් පුලූවන් වේවි. ඒ අනුව ආගම් භේද, ජාති භේද ඇතිකරන තත්වයට මේ ආණ්ඩුව කටයුතු කරන්න පුලූවන්. මාධ්‍ය මර්දනයටත් කටයුතු කරාවි. ඒ නිසා තමයි මාධ්‍ය ඉලක්ක කරමින් අගමැතිවරයා යම් යම් ප‍්‍රකාශ සිකරන්නේත්.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ජයග‍්‍රහණය කළ බවට පවසමින් මේ ආණ්ඩුව මේ දිනවල  සැණකෙලි පවත්වනවා. නමුත් ජනමතය යටපත් කරන ලද  අධිකරන නියෝගයක පිහිට තමයි මේ ජයග‍්‍රහණය කරලා තියෙන්නේ. 


ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කලා  කිවුවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුලෙත්  ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ.  ඒ නිසා අද ඒ අයට සිද්ධ වෙලා තියෙනවා අද වෙනම කල්ලි ගැහෙන්න.


අද රටේ තැන තැන බුදුපිළිම කැඩාදැමිමේ ප‍්‍රයත්නයක් තියෙනවා.  රනිල් වික‍්‍රමසිංහ මහතා විශාල වශයෙන් බෞද්ධ ආගමික සිද්දස්ථාන වල ඇවිදමින්  ඉන්න වෙලාවක තමයි මේ බුදු පිලිම කැඩෙන්නේ.


මාධ්‍ය  මර්ධනයට කුරුමානම් අල්ලමින්  මේ තියෙන  ප‍්‍රජාතන්ත‍්‍රවාදය කනපිට හරවලා  තමන්ගේ බළය මේ රටේ පවත්වාගෙන යාමට ඉඩ ලබා ගන්නේ  කොහොමද කියලා මේ ආන්ඩුව කටයුතු කරමින් සිටිනවා.


තුන් හතර පැත්තකින්  එල්ල වෙන පීඩනය මැද ආණ්ඩු කර කියා ගන්න බැරි තත්වයට අද පත් වෙලා  ඉන්නවා. අද හැම  පැත්තකින්ම ඡන්දයක ඉල්ලිම් ඉදිරිපත් වෙනවා. මේ අතරම  ජනතාවගේ විරෝධයත් මේ ආණ්ඩුවට එල්ල වෙනවා.


ජනාදිපතිවරයාත් මේ  ආන්ඩුවත් එක්ක  කටයුතු කරන්නේ නැහැ. අනික් පැත්තෙන් මහින්ද  රාජපක්ස මහතාගේ නායකත්වයෙන් දැවැන්ත විපක්ෂයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්වයට පත්වෙලා සිටින ආන්ඩුවක් පිලිබ`ද අපිටත්  අනුකම්පා කරන්න වෙනවා.


මේ වගේ තත්වයකට පත්වෙලා තියෙන  ආන්ඩුවකට ගන්න වෙන්නේ මර්දනයේ මාවතයි. එහෙම  නැත්නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරිමේ මාවතයි. එහෙමත් නැත්නම්  ඉතාම තිවකාලිකව මහජනතාව රැුවටීමේ මාවතයි.’’ යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසිය.



අදහස් (0)

‘එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site