විනීතා එම් ගමගේ
 
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා 15 දෙනාගේ කණ්ඩායම විසින් පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට එවන  ලද ලිපියක් වාර්තාවට එකතු කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය. 
කෙසේ වෙතත් එම ලිපියට 15 දෙනා අස්සන් කර නොතිබු අතර එහි අස්සන් තිබුනේ 9 ක් පමණ පිරිසකගේ බවත් කී අමාත්‍යවරයා එම ලිපිය පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා නොකළ බවත් හෙතෙම සඳහන් කළේය. 
මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කරනු ලැබූ පක්ෂයේ ඉදිරිගාමී වැඩපිළිවෙල ඉදිරි මාස තුන ඇතුළත වේගයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය. 
මීට පෙර ද ශ්‍රීලනිපය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න ගැන පැය දහයක සාකච්ඡාවක් සිදු කළ බවත් මාධ්‍යයට හෙළි නොකළ නමුත් එය පක්ෂය බොහෝ ඉදිරියට ගෙන යන සාකච්ඡාවක් වූ බවත් අමාත්‍යවරයා කීය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 
එහි දී ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධිය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම සිද්ධිය සුළුවෙන් තැකිය යුත්තක් නොවන බවයි. 
 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘15 කණ්ඩායමේ ඉල්ලීම වාර්තාවට එකතු කළා’