IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘

(*** ජයන්ත සමරකෝන්)

දැන් තිබෙන සැලුන් දොර වෙනුවට ශක්තිමත් යකඩ දොරක් දැමීමට නම් එළැඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙ​ෙක් බලයක් අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (6) පැවසීය.

ජනතාව මේ වනවිට ඒ බැව් තීරණය කර අවසන් බවද කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති යුතුකම ජාතික සංවිධානයේ සම්මන්ත්‍රණයකදී අග්‍රාමාත්‍යවරයා කීය.

‘50 වසරක මහින්ද මෙහෙවර කූට ප්‍රාප්තිය’ ලෙස එය නම් කර තිබුණි.

සම්මන්ත්‍රණයේ මුලසුන අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියන් විසින් හොබවනු ලැබූහ.
එහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද මෙම උත්සවයට එනවාද නැද්ද කියලා මම දෙවරක් සිතුවා, ආරාධනා කරන විට. දේශපාලනයේ අවුරුදු 50ක් ගැන කියන දෙයක් නිසා එය භාර නොගන්නට සිතුවත් ‘යුතුකම’ ඉදිරිපත් කරන අනාගත වැඩපිළිවෙළක් නිසා එය භාර ගත්තා.

2015 දී රටේ මිනිසුන්ට (දකුණ හැර) යුතුකම අමතක වුණු නිසා මුළු රටම වෙනස් වුණා. විදේශ රටවල්වල මැදිහත්වීමෙන් සිදුවූ එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල දැන් රටටම විඳින්නට සිදුවෙලා.

බොරු  ප්‍රචාරවලට රටේ ජනතාව රැවටුණා. වැටුණු රට යළි ගොඩගන්නට නම් ජනාධිපතිවරයාට ශක්තිමත් රජයක් ලබාදිය යුතුයි. පූර්ණ බලය පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අද වෙනදාටත් වඩා දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.

ගෝල්පේස්වල ඉඳන් කොල්ලුපිටිය දක්වා එදා සියලුම කඩ සාප්පු, ඉඩකඩම්, හෝටල් මට  අයිති බවට ගෙනගිය බොරු ප්‍රචාරවලට 2015දී ජනතාව රැවටුණා.

ඩුබායි බැංකුවල මගේ ගිණුම් ගැන චෝදනා කළා. ඒ චෙක්පොත් මං දුන්නා නම් රටේම ප්‍රශ්න විසඳන්නට තිබුණා. මාව හම්බවෙන්න ආ විදේශ තානාපතිවරුන්ටත් මේ ගැන මම කිව්වා.

ව්‍යවස්ථා වෙනසක් කරන්නට නම් 2/3ක් අවශ්‍යයි.

එහෙම නොවුණොත් සැලුන් දොර අරින්නට වෙනවා. ඒක වහන්නට නම් ශක්තිමත් යකඩ දොරක් දැමිය  යුතුයි. ඊට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි.

අද ජනතාව ඒ බව තීරණය කර අවසන්.
එජාපය අද වනවිට දෙකට කැඩිලා. දෙපැත්තෙම පවතින්නේ උග්‍ර සටනක් ගැටුමක්.
එජාපය කියන්නේ එදා මහා බලගතු පැරණිම පක්ෂයක්. දැන් කඩලා දාලා. එදා ඉඳන්ම ඒ පක්ෂයට සිදුවුණේ ඒකයි.
මම ජනාධිපතිවරයාට කිව්වේ වැඩ කරන්න. අපි දේශපාලනය කරන්නම් කියලයි.
එදා මගේ පක්ෂයේ ලේකම්වරයා අරන් රනිල් මෛත්‍රී ආණ්ඩුවක් හැදුවේ රාජපක්ෂලා නැති කරන්නටයි.
අන්තිමේදී සිදුවුණේ රට අයාලේ යන තත්ත්වයට පත්වීම පමණයි.

ජනාධිපතිවරයා රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට මම බලාපොරොත්තු වෙනවා. රට සම්පූර්ණයෙන්ම බේරා දෙන්නට මම සූදානම්. රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වන්නට නම්  ‘යුතුකමට’ තැන දින යුතුයි.
අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

මේක මහින්ද  මෙහෙවර කූට ප්‍රාප්තිය කරා ගෙන යාමක් මිස මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළක් නොවෙයි.
නැවත පාර්ලිමේන්තුවක් පත්කර ගත්විට ක්‍රියාත්මක කළ යුතු යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමයි මෙහිදී සිදුවන්නේ.
30 වසරක ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කළ ජන නායකයා 2015දී ජනතාවට අමතක වී ගියා. මේ රටේ දේශ හිතෛෂි කිසිවකුටත් ඒ මහා මෙහෙවර අමතක කරන්නට පුළුවන් වන්නේ නැහැ.

අපට නිදහසේ ජීවත්වීමේ නිදහස ලබාදුන් නායකයකුට අපේ කෘතඥතාව හිමිවිය යුතුයි.

අර්බුදකාරී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදුම්වාදයට ඉඩ නොදී ඉඩම් හා පොලිස් බලතල තබාගෙන ඒකීය රාජ්‍ය සංකල්පය ආරක්ෂා කර දීමට එතුමා කටයුතු කළා. ඒ විශ්වාසය ඉදිරියටත් තහවුරු කරගන්නට එතුමා කැපවන බව රටම දන්නවා.
අගමැතිවරයා තුළ ඇති ජනමුල හැඟීම් හැකියාව අප අගය කරන්නේ ඒකයි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ පැවසීය.
ශක්තිසම්පන්න රාජ්‍යයක් වෙනුවෙන් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් අගමැතිතුමාට පිළිගැන්වීමට හැකිවීම සතුටට කරුණක්.
මූලික කරුණු 5ක් සහිත  මෙම යෝජනාවලිය එතුමාගේ  50 වසරක යුග මෙහෙවරට උපහාරයක් ලෙස සැලකිය හැකියි.

යුතුකම මූලික කරගත් සමාජයක් අප බිහි කළ යුතුයි. 2015 වසරේදී රටේ ජනතාවට අමතකව ගිය යුතුකම නැවත මතක් කරදීම සඳහායි අප යුතුකම බිහි කළේ.

මහින්ද රාජපක්ෂ ජනනායකයා අප මව්බිමට ඉටුකළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳව සමාජ සංවාදයක් සඳහා මේ සුදුසුම කාලයයි.
යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක අනුප පැස්කුවල්  මහතා පිළිගැනීමේ කතාව කළේය.

මහාචාර්ය කඹුරුගමුවේ වජිර, බෙල්ලන්විල ධම්මරතන, මුරුත්තෙට්ටුවේ ආනන්ද, දෙහිවල නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති යන නාහිමිවරුද, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site