IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගේන්න බැහැ ‘

(අනීෂා මානගේ)

අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොහැකි බවද පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමට ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්නට තුනෙන් දෙකේ බලය අවශ්‍ය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(31) තංගල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
 
 නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
 
තුනෙන් දෙකේ බලය පදනම් වෙන්නේ ව්‍යස්ථාවත් එක්කයි. මේ රටට අහිතකර සමහර ගිවිසුම් පරාජය කරන්න අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථා සංශෝදනයක් ගේනවා නම් අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගේන්න බැහැ. 19 වැනි සංශෝධනය අටවගෙන ගිහිල්ලා අන්තිම පැයෙත් වෙනස් කළා.

එය හොඳද නරකද කියන කාරණය නෙවෙයි එය ගෙනාපු අය අපේක්ෂා කළ කිසි දෙයක් එම සංශෝදනයේ නැහැ. එකම දෙයයි තිබෙන්නේ. ගෝඨාභය 

මහත්තයාට සහ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලන්න බැරි වෙන්න තීන්දු ගත්ත එක විතරයි. අටවගත්ත තුනෙන් දෙකකින් මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ඨ කරන්න බැරි වන වාතාවරණයක් අපි මේ රටේ ඉතිහාසයේ දැක තිබෙනවා.
 
මේ රටේ අවශ්‍යතාව තිබෙන්නේ ජනතා කේන්ද්‍රිය ව්‍යාවස්ථාවක් නම් ජනතාවගේ අදහස් ගන්න ඕනෑ. පුළුල් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්න අපිට තුනෙන් දෙකේ බලය අවශ්‍යයි.පාර්ලිමේන්තු බහුතරයක් නැතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයක් ස්ථාවර පාර්ලිමේන්තුවක් නැතුව අපිට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපිට ඉදිරියට අරගෙන යන්න බැහැ.
 
මේ රටේ දේශපාලන සමාජිය ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරගන්න නම් අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ අනුව ව්‍යවස්ථානූකූලව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.
 
පොදුජන පෙරමුණ විදියට අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් සාමකාමීව නිරෝධායනය නීතිවලට අනුකූලව කළා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව අගෝස්තු මස 5 වැනිදා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්ද පොළට ගිහින් ප්‍රකාශ කරයි කියන එක. පසුගිය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා බලයට ආවත් ජනතාවගේ ඡන්ද අයිතිය දෙන්න ඔවුන් කටයුතු කළේ නැහැ.
 
පසුගිය ආණ්ඩුව සංවර්ධන සම්පූර්ණයෙන් නැවැත්වූවා. වැඩ බිමක්ව තිබූ හම්බන්තොට දිස්ත්‍රීක්කය මුඩු බිමක් කළා. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ හිටපු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මැතිතුමා අද කොළඹ දිස්ත්‍රීක්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.
 
එතුමා මේ දිස්ත්‍රීක්කය ගොඩනගනවා කියන මුවාවෙන් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ කැලෑ හෙළි කරලා ගම්මාන හදන මුවාවෙන් ජනතාව අසරණ කළා. රැකියා වෙන මුවාවෙන් තාවකාලික පත්වීම් දුන්නා. සංවර්ධනය කරන මුවාවෙන් සංස්කෘතික අරමුදල විනාශයට පත්කළා. සංස්කෘතික අරමුදලෙන් බිලියන 11ක් පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු විනාශ කරලා. නිවාස අමාත්‍යංශයේ බිලියන 29ක් සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යංශවලින් පමණක් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් පසුගිය ආණ්ඩුව කාලේ විනාශ කර තිබෙනවා.
 
 ඒ මුදල්වලට වෙච්ච දෙයක් නැති ගාණට අතුරුදන් වී තිබෙනවා. බිලියන 40ක් කියන්නේ වසරකට සමෘද්ධිය  මුද්දරය දෙන ගාණයි. බෙලිඅත්තේ සිට මාතරට අධිවේගී මාර්ගය හදන්න යන වියදම. මත්තල ගුවන්තොටුපොළේ වර්ධනයන් කරන්න පුළුවන් වියදමක්. ගෙවල් 25 අසරණ වුණු ගම්මාන හදනවා වෙනුවට ඔය බිලියන හතලිහෙන් ජනතාවට ගෙවල් හදන්න ආධාර විදියට දුන්නා නම් අංග සම්පූර්ණ ගෙවල් ජනතාවට හදල දෙන්න තිබුණා. ඉදිරි කාලයේදී මේ පිළිබඳව පරික්ෂා කරලා නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. යහපාලනය වගේ හිරේ දාලා නඩු අහන්න අපි සූදානම් නැහැ. හැබැයි පරීක්ෂණ කටයුතු යටගහන්නත් අපි සූදානම් නැහැ.
 
සජිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිවරණයේදී දුන් එක්ලක්ෂ අටදහසක ඡන්ද ප්‍රමාණය අසරණ කරලා එතුමා කොළඹට යන්න ගියා. ඉදිරි කාලසීමාවේදී අපේ රට වැඩබිමක් බවට පත්කරනවා. මේ රට නැවත වතාවක් ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන්න ආර්ථිකය නැවත පණගන්වන්නේ කොහොමද කියන සැලැස්මක් එක්කයි අපි ඉන්නේ. සජිත් මහත්තයා එජාපයට මේ සැලැස්ම නැහැ. අපි මේ සැලැස්ම එක්කයි අති බහුතරය එක්ක මෙවර මැතිවරණයේදී තහවුරු වෙන්නේ.
 
කොවිඩ් දෙවැනි රැල්ල ගැන කතා කරපු අය සියලු දෙනාටම උතුර දකුණ මාරු වෙනවා 5 වැනිදා එන ජනතා රැල්ලට.  පසුගිය ආණ්ඩුවේ නීතිය නවපු අය ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා. කිසිම පරීක්ෂණයකට අපි දේශපාලනිකව මැදිහත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව වෙලාවේදී එවැනි දේට විරුද්ධ වුණ අයයි අපි යැයිද කීවේය. 



අදහස් (0)

‘අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගේන්න බැහැ ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31383 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13625 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site