(ඩයනා උදයංගනී)
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එම මැතිවරණ ක්‍රමය අනාගතවාදී මෙන්ම දේශපාලනය එපා වී සිටින නූතන පරම්පරාවන් ආකර්ෂණීය වන ක්‍රමයක් ලෙස සකස් කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කඹුරුපිටිය සහ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් අමතමිනි.
දැනට පවතින අවිධිමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ කමිටුව ඉතා ප්‍රායෝගික හා තාර්කික මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කළ බවත්, එය රටට හොඳින් ගැළපෙන බවත් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
පවත්නා මැතිවරණ ක්‍රමයේ පවතින එකම සාධනීය ලක්‍ෂණය වන සුළුතරයේ අයිතීන් තහවුරු කෙරෙන සමානුපාතික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තවදුරටත් ආරක්‍ෂා කරගත යුතු බවද හෙතෙම පැවසීය.
මහජන නියෝජිතයා චෞරයකු, තක්කඩියකු බවට මතයක් ඇතිවීමට හේතුව ද මනාප ක්‍රමය බව කී ඇමතිවරයා එය වෙනස් කිරීම අත්‍යාවශ්‍ය බව ද කීවේය.
එබැවින් අනාගතයට ගැළපෙන රටක්, ව්‍යවස්ථාවක් හා මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක්