IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


තරුණියකගේ අබිරහස් මරණය වටා ගෙතුණු කතාවක් - Juror #2

පිච්චැර් පිස්සා

 


අද මේ සටහන මෑත කාලයේ නරඹන්නට ලැබුණු  තවත් අපූරු චිත්‍රපටයක් ගැන යි. 2024 වසරේ තිරගත වූ මේ සිනමාපටයේ නම Juror # 2.
මෙහි අධ්‍යක්ෂවරයාත් බටහිර චිත්‍රපට නරඹන  සිනමාලෝලීන් ඉතා හොඳින් දන්නා කෙනෙක්. Juror  # 2 අධ්‍යක්ෂණය කර තිබෙන්නේ  කලක් අති දක්ෂ නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි, පසු කාලයේ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස විශාල කීර්තියක් දිනාගත් ක්ලින්ට් ඊස්ට්වුඩ්.
මෙහි කතා පුවත ගොඩනැගෙන්නේ තරුණ කාන්තාවකගේ අබිරහස් මරණයක් කේන්ද්‍ර කරගෙන යි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජස්ටින් කෙම්ප් නමැති මැද පන්තික තරුණයෙක්. ඔහු මාධ්‍යවේදියකු ලෙසයි රැකියාව කරන්නේ.
ජස්ටින් විවාහකයකු වන අතර ඔහුගේ ආදරණීය බිරිඳ වන ඇලිසන් ඒ වනවිට ගැබිනියක්.
Juror # 2 ආරම්භ වන්නේ එක්තරා මිනීමැරුම් නඩුවක ජූරි සභිකයකු ලෙස කටයුතු කිරීමට ජස්ටින්ට අධිකරණයෙන් කැඳවීමක් ලැබෙන අවස්ථාවෙන්. මෙම නඩුවට පසුබිම් වන්නේ කෙන්ඩ්ල් කාටර් නමැති තරුණියකගේ මරණය.
ගොරව ගොරවා මහ වැසි වසින අන්ධකාර රාත්‍රියක ඇයගේ මරණය සිදුව තිබූ අතර කෙන්ඩ්ල්ගේ සිරුර හමුවන්නේ පාළු ඉසව්වක පාලමක් යට වැටී තිබියදී යි. ඇයගේ මිනීමරුවා යයි සැක කෙරෙන්නේ ජේම්ස් සයිත් නමැති තරුණ පුද්ගලයෙක්. ජේම්ස් යනු කෙන්ඩ්ල් ගේ පෙම්වතායි.

එදින කෙන්ඩ්ල් ගේ මරණය සිදුවීමට ටික වේලාවකට පෙර ඇය සහ ජේම්ස් අතර එක්තරා රාත්‍රි සමාජ ශාලාවක දී දරුණු  රණ්ඩුවක් ඇති වෙනවා. ඊට පසුව තමයි එම සමාජ ශාලාව ආසන්නනයේ පිහිටි පාලමක් යට තිබී කෙන්ඩ්ල් ගේ මළ සිරුර හමුවන්නේ. මෙම තත්වය තුළ ජේම්ස් කෙරේ කා තුළත්  විශාල සැකයක් ඇතිවෙනවා.
නඩුව ඉදිරියට යද්දී තමයි ඊට පසුබිම් වන ඉහත කී සිදුවීම් දාමය ගැන ජස්ටින් ඇතුළු ජූරි සභිකයන් සවිස්තරාත්මකව දැන ගන්නේ. මෙම විස්තර දැන ගනිද්දී ජස්ටින් තුළ අතීත මතකයන් පෙළක් හිස ඔසවන්නට පටන් ගන්නවා.
කෙන්ඩ්ල් ගේ මරණය සිදු වූ රාත්‍රියේ ඔහුත් අර රාත්‍රි සමාජ ශාලාවේ හිටපු කෙනෙක්. එදින ඔහු මහ වැස්සේ රාත්‍රි සමාජ ශාලාවෙන් නික්ම මෝටර් රියෙන් නිවස බලා යමින් සිටිය දී ඔහුගේ දුරකතනයට ඇමතුමක් එන අතර ජස්ටින් දුරකතනය වෙත ඇස යොමු කරන ඇසිල්ලේ මෝටර් රථයේ කිසිවක් හැප්පෙනවා.  නමුත් ඒ කුමක්දැයි  ඔහු දකින්නේ නැහැ.
ජස්ටින් රථයෙන් බැස පරීක්ෂා කළත් ඔහුට කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහුට දැකගත හැකි එකම දෙය මෝටර් රියේ ඉදිරිපස බෆරය තැලී ඇති බව පමණයි. මේ සිද්ධිය සිදුවන්නේ කලින් ද සඳහන් කළ පාලම මතදී යි. ජස්ටින් පාලම අද්දරට ගොස් පහත බැලුවත් අඳුර නිසා කිසිවක් පෙනෙන්නේ නැහැ.
වටපිට බලන ජස්ටින්ට පාර අයිනේ ඇති පුවරුවක් දකින්න ලැබෙනවා. එහි සඳහන් වන්නේ මේ ඉසව්වේ මුවන් බහුල බැවින් රියදුරන් පරෙස්සම් විය යුතු බව යි.
තමාගේ රියෙහි හැපුණේ ද  මුවෙකු විය යුතු බවයි ඒ වෙලාවේ ජස්ටින් සිතන්නේ.
නමුත් තමා සිතූ සැටි වැරදි බව දැන් නඩුවට සහභාගි වෙද්දී ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. එදා තමාගේ රියෙහි හැපුණේ කෙන්ඩ්ල් නමැති තරුණිය බව ඔහුට වැටහෙනවා. තමා අතින් සිදු වූ වරදට (තමා ජූරියේ සිටිය දී) අහිංසකයෙකු දඬුවම් ලබන්නට යන බව ඔහුට දැනෙනවා.
මේ සමගම චිත්‍රපටය තුළ ඉතා නාටකීය සිදුවීම් පෙළක් දිගහැරෙන්නට පටන් ගන්නවා. ජස්ටින් ඔහු ගේ හෘදය සාක්ෂිය විසින් මුදා හරිනු ලබන  දරුණු පීඩාවක ගොදුරක් බවට පත් වෙනවා.
ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව ජස්ටින් හැර ජූරියේ සෙසු සියලු දෙනාම  සිතන්නේ කෙන්ඩ්ල් ගේ මරණයට ජේම්ස් සයිත් වගකිව යුතු බව යි. සත්‍යය දන්නා ජස්ටින් මේ තත්වය තුළ මහත් මානසික අර්බුදයකට මුහුණ දෙනවා.
මේ අතර මෙවැනි නඩුවක දී ජූරියක් තුළ ක්‍රියාත්මක විය හැකි සියුම් අගතීන් සහ සීමාවන් ද ඉතා අපූරුවට මේ තුළ නිරූපණය වෙනවා. ජූරි සභිකයන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ වුවමනාවන් ඔවුන්ගේ තීන්දුවට බලපෑ හැකි ආකාරය වැනි කාරණා ගැනත් යම් හැඟීමක් ඇති කිරීමට Juror # 2 සමත් වෙනවා. නිදසුනක් ලෙස එක් ජූරි සාමාජිකාවකට ජේම්ස් සයිත් සැබෑ වරදකරුවා ද යන්න තීරණය කිරීමට වඩා වැදගත් වන්නේ මේ නඩුව ඉක්මනින් අවසන් වීමයි. මන්ද යත් නඩුව හේතුවෙන් ඇයට ඇගේ කුඩා දරුවන් සමග ගත කිරීමට ඇති කාලය අඩු වීම නිස යි. ඒ නිසා ඇය ජේම්ස් සයිත් වරදකරුවා කිරීමේ විශාල හදිසියකින් පෙළෙනවා.
මෙම නඩුව පවරා ඇත්තේ ඇමරිකාවේ ප්‍රාදේශීය නීතිපති දෙපාර්තමේන්තුවක්. ඒ  වෙනුවෙන් පෙනී සිටින්නේ ෆේත් කිලෙබෲ නමැති  දීප්තිමත් නීතීඥවරියක්. ඇය එම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් සඳහා තරග කිරීමට සූදානම් වෙමිනුයි සිටින්නේ. මේ නිසා ඇයටත් මේ නඩුව පෞද්ගලිකව ඉතා වැදගත්. නඩුව ජය ගතහොත් එයින් අත්වන කීර්තිය ඔස්සේ ඉහත කී තරගයෙන් ද තමාට ජය ගැනීමට හැකි වනු ඇති බව ෆේත් කිලෙබෲ දන්නවා. ඒ නිසා ඇයටත් වැදගත් වන්නේ සැබෑ යුක්තිය නොව කෙසේ හෝ ජේම්ස් සයිත් වැරදිකරුවා කර නඩුව ජය ගැනීම යි.
මේ ආකාරයෙන් මනුෂ්‍ය හෘදය සාක්ෂියේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, යුක්තියට, නීතියට සහ අධිකරණ ක්‍රියාවලීන්ට අදාළව ඇති සීමාවන්, අගතීන්  පිළිබඳවත් ප්‍රබල හැඟීමක් ඇති කිරීමට Juror # 2  ට හැකි වෙනවා.
මෙහිදී මෙම අපූරු සිනමාපටය අධ්‍යක්ෂණය කළ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගැනත් කාරණයක් සඳහන් කළ යුතුයි. මේ වනවිට හොලිවුඩ් සිනමාවේ සිටින වයෝවෘද්ධම අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු හැඳින්විය හැකියි.  Juror # 2  අධ්‍යක්ෂණය කරන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්. නමුත් ඔහුගේ නිර්මාණ හැකියාව තවමත් කෙතරම් තරුණ ද යන්න මේ සිනමාපටය ඉතා අපූරුවට කියා පානවා.

 

"ප්‍රධාන චරිතය රඟපාන නිකලස් හෝල්ට් සමග ක්ලින්ට් ඊස්ට්වුඩ්



අදහස් (0)

තරුණියකගේ අබිරහස් මරණය වටා ගෙතුණු කතාවක් - Juror #2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site