
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට එක්වෙමින් අද (05) පැවසීය. එහිදී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“එළියෙ මරාගන්නවා අදාහනයද? භූමදානයද? කියලා. හැබැයි ඇතුළෙන් මොනවද වෙන්නේ. ඊයේ පෙරේදා අලුතින් බාර් පර්මිට් 75 කට වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා”
“සංචාරක හෝටල්වලට නෙමෙයි දීලා තියෙන්නේ. සුපර් මාර්කට්වලට දීලා තියෙනවා. මීටර් 500 සීමාව බලන්නේ නැතුව පාසල්, පන්සල් ළඟට දීලා තියෙනවා. අපි හෙට අනිද්දා ස්ථාන හෙළිකරන්නම්”
එම කථාව අතරතුරදී ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරයෙක් බාර් පර්මිට් දී ඇත්තේ කාටද? යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු සැපයීය.
“ඔබතුමාලා වගේ පසු පෙළ මන්ත්‍රීවරු මේවා දන්නේ නෑ...”
“අනේ පව්... ඉදිරි පෙළ මන්ත්‍රීවරුත් දන්නේ නෑ. ඔබතුමා ගිහින් හොයලා බලන්න. බාර් පර්මිට් 75 ක් දීලා තියෙනවා. ඕනනන් මම ලැයිස්තුවත් එක්ක දෙන්නන්”
“ඒ වගේම සීනි ජාවාරමෙන් රුපියල් බිලියන 10 ක්. එදා මහ ලොකුවට කෑ ගැහුවා ලංකාවේ ලොකුම හොරකම මහ බැංකු හොරකම් කියලා. අද ඒ හා සමාන හොරකමක් සීනි ජාවාරම හරහා සිදුවෙනවා. තමන්ගේ ගජමිතුරෙක් එක සතියක සීනි ගේම් එකකින් රුපියල් බිලියන 10 ක් ගහනවා. ඒ ජාවාරම්කාරයම රටට පොල්තෙල් ටික ගේද්දී තවත් මිලියන 175 කට ගහනවා”
“යුක්රේනය කියන්නේ ගරු මන්ත්‍රීතුමනි,... යුරෝපයේ යුක්රේනය බොහෝ ප්‍රසිද්ධ ..... ජාවාරම්වලට. යුරෝපයට වීදි ගණිකාවෝ, හොරු, මංකොල්ලාකාරයෝ ඔක්කොම එන්නේ යුක්රේනයෙන්. අද ඔවුන් ලංකාවට එනවා ඩොලර් 120 ක් වියදම් කරන්න එක දවසකට, කොවිඞ් කර පින්නගෙන”
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
Prabha Tuesday, 05 January 2021 03:44 PM
කට්ටියක් හොරාකනවා.. අනිත් අය හොරාකන්න නැති දුකට අඬනවා. අපි දන්න විදිහට ඔයාලා රට කළා නම් ඒත් ඔච්චර තමයි.
පිටිගල මිලානෝ Tuesday, 05 January 2021 05:37 PM
සීනි හොරා අල්ලපියෝ...! (සොරකම් කළ මුදල රුපියල් කෝටි 10000යි)
Rata Perata Wednesday, 06 January 2021 08:01 AM
මේක තමයි නන්දසේන සෞභාග්‍යයේ දැක්ම කිව්වේ. තමන්ගේ අයට බෙදා ගැනීම. අපි අපි වෙනුවෙන් කියලා වැරැදියට ගත්තට සර් මොකද කරන්නේ..? ඔහොමයං සර්. තවම රටේ මිනිස්සුන්ගේ පව් ඉවර නැහැ.