අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට අයවැයට ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂක අංශ මගින් ලබන සතියේදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 February 2019
කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරු ගැන ලිඛිතව දැනුම්දීලා නෑ කොකේන් පාවිච්චි කරන බව කියන මැති ඇමැතිවරුන් කවුදැයි රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා තවමත් තමාට ලිඛිතව දැනුම් දී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 February 2019
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සුජාතභාවය පාර්ලිමේන්තුවේ නෑ’ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් අද (11) පැවසීය. 11 January 2019
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය. 11 January 2019
මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා කළු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 January 2019
‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය. 10 January 2019
ඇමෙරිකාවට මෙරට භූමිය පරිහරණය කරන්න අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2019
‘‘ජනපති බලයට එනවිට බලාපොරොත්තු වූ පරමාර්ථ සිව්වසරක් ගියත් ඉටුවී නෑ‘‘ ජනාධිපතිවරයා බලයට පැමිණ සිව්වැනි පදවි ප්‍රාප්තිය සැමරුව ද එදා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ මෙතෙක් ඉටු වී නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 January 2019
‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 January 2019
රනිල්ට විශ්වාසය පළකෙරන යෝජනාවක් බදාදා මැතිසබේට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(12) විවාදයට ගැනීමට නියමිතය. 10 December 2018
ජනපතිගෙන් ඉල්ලීමකට යෝජනාවක් ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා (5) සම්මත කර ගැනීමට නියමිතය. 03 December 2018
‘ආදායම් දෙපාර්තමේන්තුවේ ජනරාල් පුටුවට මහ බැංකු නිලධරයකු පත් කිරීම වැරදියි’ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුරට මහ බැංකුවේ නිලධාරියකු පත් කිරීම වැරදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය. 26 October 2018
ජනපති කොමිසන් සභාවේ අවසන් වාර්තා දෙමළ හා ඉංග්‍රීසි බසින් බෙදාදෙයි බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත් ද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට අ ද(26) බෙදා දෙනු ලැබිණි. 26 October 2018
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 2 සහ 5 යන දිනවල දැඩි පරීක්ෂාවක් අයවැයට ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ලබන 2 වැනි සිකුරාදා සහ 5 වැනි සඳුදා දිනයන්හි දී දැඩි පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 October 2018
‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්රකරුවන්‘ පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
‘ලංකා - මහජන බැංකු පෞද්ගලිකරණය කරන්නේ නෑ’ ලංකා බැංකුව හා මහජන බැංකුව කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි සභානායක, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
පරීක්ෂණ කොමිෂන් සභා පනත 26 වැනිදා නැවත විවාදයට පාර්ලිමේන්තුවේදී කල්ගිය පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ලබන 26 වැනිදා සිකුරාදා නැවතත් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද(16) පැවැසුවාය. 16 October 2018
මුදල් ඇමැතිගේ අයවැය කතාව නොවැම්බර් 5 වැනිදා මුදල් ඇමැතිවරයාගේ අයවැය කතාව ලබන නොවැම්බර් මස 5 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද (16) පැවැසීය. 16 October 2018
පොලිස් නිලධාරියෙක්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට පේරාදෙණිය ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ඇසළ මේලා‘ සැණකෙළිය නැරඹීමට පැමිණ ආපසු බිරිඳ හා දරු තිදෙනා සමඟ බීමතින් යමින් සිටි පුද්ගලයෙකු සිදුකළ පහර දීමකින් තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 19 August 2018
පක්ෂව ඡන්දය දීලා හෙට මම ගෙදර ගියත් කමක් නැහැ කවුරු කොහොම කිව්වත් මේ බැඳුම්කරේ වංචාවක් සිදුව තිබෙනවා. මේ විශ්වාසභංගයේ කාරණය පිළිබඳ මට එකඟ වෙන්න සිදුවෙනවා. 05 April 2018
මේක දේශපාලන විශ්වාසභංගයක් “මේක දේශපාලන විශ්වාසභංගයක්. ඒ තුළ පැහැදිලි දේශපාලන අරමුණු තිබෙනවා. අප මීට සහාය දෙන්නේ ඒ බව නොදැන නොවෙයි. මේ යෝජනාව ජයගතහොත් රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙනවා. ඒ උත්තේජනය ලබාදීමට කටයුතු කළේත් අගමැති සහ ජනාධිපති යන දෙදෙනාමයි. 05 April 2018
අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක් “අගමැති ගැන අපිට විශ්වාසයි. එතුමා උගතෙක්. ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. එතුමා මහන්සි වී වැඩ කරනවා. ආර්ථීකය ගැන දැක්මත් විශාලයි.අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්. මහනුවර සිද්ධිය අගමැති මත පැටවීම සාධාරණ නැහැ. මහේන්ද්‍රන් විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්. 05 April 2018
බැඳුම්කර මංකොල්ලයේ මුදල් මැතිවරණය යෙදෙව්වා. බැඳුම්කර මංකොල්ලයෙන් ගත්ත මුදල් සම්භාරය මහ මැතිවරණය දිනන්න යෙදෙව්වා. විශ්වාසභංගයටත් ඒ සල්ලි විසිකළා. අගමැතිතුමාගේ ආර්ථිකය හැසිරවීම දුර්වලයි. අගමැතිතුමාගේ ආර්ථික කමිටුව හරහා තමයි සියලුදේ හොරකම් වෙන්නේ. මහ බැංකුව පවරාගත්තා. ආර්ථික කමිටුව අහෝසි කළා. 05 April 2018
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා මේ යෝජනාවට ආණ්ඩු පක්ෂයෙන් සහාය ලැබෙන්නේ ඇයි? ඒ අය මේකට පක්ෂව කතා කරනවා. ඒකෙන් මේ යෝජනාවේ අගය වැඩිවෙනවා. 05 April 2018
අපි පිං ඇමතිවරු නොවෙයි මේ යෝජනාව විධායකයට බලපාන්නේ නැහැ. ලක්ෂ 62 ලැබුණේ ජනාධිපතිතුමාටයි. ව්‍යවස්ථාදායකට ඒක ලැබුණේ. මේ සිද්ධිය සිදුවුණේ දින 100 ආණ්ඩුවේ. අපි ඒකෙ හිටියේ නැහැ. අපි ආවේ අගෝස්තු මාසයේදී. සම්මුති ආණ්ඩුවට මහ බැංකුවට ලංකා පුරවැසියෙක් නොවන අයෙක් ගෙනාවේ කවුද? 05 April 2018
අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ මේ යෝජනාවේ කරුණු 14 ක් තියනවා. මේ චෝදනාවන් ගැන එක මන්ත්‍රීවරයෙක්වත් කතා කළේ නැහැ. අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ. විජාතික න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ඉන්න අගමැතිවරයෙකුට තවත් වසර එකහමාරකට රට බාරදීම භයානකයි. මේ අගමැතිතුමා ජනතාවට වෛර කරනවා. 05 April 2018
ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා (එජනිස) මෙය දේශපාලන වෛරයකින් ගෙනාපු යෝජනාවක් නොවෙයි. ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්. 05 April 2018
මුහුණ නොබැලූ මන්ත්‍රීවරුන්ගේ මුහුණ මේ දවස්වල අගමැතිතුමා බැලුවා “මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වෙනවා කියලා රුසියානු කියමනක් තිබෙනවා. හකීම් ඇමැතිතුමා නොවෙයි කතා කළේ මුදල්. මේ යෝජනාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 22ක් ඡන්දය දුන්නාම තමුන්නාන්සේලාගේ තුනෙන් දෙකේ බලය ඉවරයි. මොණර කොළ ලැබුණා. 05 April 2018
මේක පටන් ගන්නකොටම හුළං බැහැලා “මගේ පාර්ලිමේන්තු දිවියේ 24 වසරක කාලය තුළ විශ්වාසභංග යෝජනා දැකලා තියෙනවා. නමුත් මේක පටන් ගන්නකොටම හුළං බැහැපු විශ්වාසභංග යෝජනාවක්. මේකෙන් හොඳ දෙයක් වුණා. ඒ තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබී තිබෙනවා. ඒක හොඳ දෙයක්. 05 April 2018
අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි “මේ විශ්වාසභංගය ජුදාස්ලා තුන්දෙනකු ගැන කතාවක්. රනිල් අද පාවා දී තිබෙන්නේ එතුමාගේ ජනවරමයි. ඒ නිසා මේ විශ්වාසභංගය එතුමාට සුදුසුයි. අගමැති ඉතා දැනුවත්ව දූෂිතයන් ආරක්ෂා කළා. කෝප් කමිටුවේදී එතුමාගේ අය අපට දසවධ දුන්නා. හොරු රකින්නයි එහෙම කළේ. 05 April 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025