(මහේෂ් කිර්තිරත්න)
මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.
මිය යනවිට 87 වන වියේ පසු වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි.
රජරට නුවරකලාවියේ මානෑව ගමේ ඉපදුනු කිරි බණ්ඩා මානෑව මහතා මානෑව විදුහලින් මූලික අධ්‍යානය ලැබ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය ගුරුවරයකු ලෙස ගුරු සේවයට එකතු වූ ඒ මහතා අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගත්තේය.
දිවයිනේ ප්‍රකට ජනශ්‍රැතිවේදියෙකු වූ ඒ මහතා ඒ වෙනුවෙන් තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවේය.
නුවරකලාවියේ ජන වහර, ලග්ගල ජනවහර, මාතලේ ජනවහර, නුවර කලාවියේ ජනමංගල්ල, සීහල ජනවහර, යන ශාස්ත්‍රීය පොත්, මකුලේතැන්න, සන්නසක සෙනෙහස, ඉව යන නිර්මාණ ග්‍රන්ථ රැසක් සිංහල සාහිත්‍යට එක්කොට ඇත.
කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් ද පිදූ ඒ මහතා කලක් සාහිත්‍ය අනු මණ්ඩලයේද කටයුතු කොට තිබේ .
දේහය මාතලේ ඇල්වල නිවසේ තැම්පත් කොට ඇති අතර අවසාන කටයුතු ඉරිදා ප.ව.5.00 මාතලේ ආදාහනාගාරයෙදී සිදු කිරීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත
ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි
මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.
සීදූව පොලීසියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි මහතාගේ මාමණ්ඩියා වූ සීදූව අමන්දොලුවේ පදිංචිව සිටි එම්.කේ.අයිවන් මහතා ඊයේ (2) අභාවප්‍රාප්ත විය.
සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි