
(යොහාන් භාසුර)
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
චන්ද්‍රමාලී මහත්මිය අභාවප්‍රාප්ත වන විට 61 වැනි වියේ පසුවූ අතර ඇය පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති.
ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කන්දෙ ගෙදර, චාරුලතා, සුජාතා, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, දෙවිනුවර මැණිකේ, මනෝකාය සහ ගිරිකුල ආදී ටෙලිනාට්‍යවලදී කැපී පෙණෙන රංගන කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළාය.
චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇති චන්ද්‍රමාලී මහත්මිය සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන්ෂොට්, උඩුගං යාමය, ප්‍රවේගය සහ නිදහසේ පියා ඩීඑස් ආදී චිත්‍රපටවලදී කැපී පෙනුණාය.
ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා මහත්මිය සුසන්තා චන්ද්‍රමාලී මහත්මියගේ එකම දියණිය ද වන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ආත්මයක් ලැබ අප අතරම ඉපදේවා...!
නිහතමානී කලාකාරිනියක්... ඔබට උතුම් නිර්වාණ සුවයම ලැබේවා..!
ඔබ තුමියට අමාමහ නිවන්සුව අත්වේවා .
මගේ මතකයට අනුව නම් ඇය මාතලේ බදුල්ලේ පැවැති යොවුන් කුමරිය තරගයක ජයග්‍රහණය ගෙන කලාවට සම්බන්ධ වුනේ. ඉතාම අහින්සක ගැමි සින්හවකින් මුව සරසාගෙන හිටිය නිහතමානී කෙනෙක්. සුබ ගමන් අක්කේ... නිවන් සුවය ලැබේවා !
නිවන් සුව අත්වේවා