ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත විය.

මෙරට සංගීත ක්ෂෙෂ්ත්‍රයට ගීත තනු සිය ගණනක් දායාද කළ ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 94 වියේ පසුවිය. 

ඒ මහතා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටි අතර ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.

(යොහාන් භාසුර)