(ආරියරත්න රණබාහු)
ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නගර මහතා අද (6) ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.
මීට වසර 47කට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය හෙතෙම ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් වෛද්‍යවරයෙකි.
ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ උපත ලත් මහාචාර්ය කන්නන්ගර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා රක්ත වේදය න් පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් උසුලන බාසිලෝනා සහ ඇට්ලන් ඔලිමිපික් උළෙලවල ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයකු ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජාත්‍යන්තර තරග වලදී විවිධ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල දී ඔවුන් වෙනුවෙන් වෙනුවෙන් මහාචාර්යවරයා පෙනී සිට ඇත.
විශේෂයෙන් ම ඒ පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක යා මුත්තයා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් අතර මහාචාර්ය කන්නන්ගර මහතාට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.
ඒ මහතාගේ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවෙදි සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දක්ෂ කරුණාවන්ත දොස්තර මහතෙකි. ඉතා පළ පුරුදු වෛද්‍යවරයෙකි. නිවන් සුව ලැබේවා
ඉතාමත් ලස්සන පුද්ගලයෙක්. සිඩ්නි හි ශ්‍රී ලාංකික සංගමය වෙනුවෙන් බොහෝ දේ කළ පුද්ගලයෙකි.