කලුතර වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය ජාතික පාසලේ විදුහල්පති නයනා දමයන්ති මහත්මිය (09) දින හදිසියේ අභාවප්‍රාප්ත වන ලදි.

වයස අවුරුදු 52ක් වන ඇය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවෙනි ශ්‍රේණියේ නිලධාරීනියක් වන අතර එක් දරු මවකි.

එම දේහය දැනට වාද්දුව විදුහල් නිල නිවාසයේ තැම්පත් කර ඇති අතර හෙට (12) දහවල් 12ට වාද්දුව මධ්‍ය මහා විදුහල් ප්‍රධාන ශාලාවට රැගෙන යන අතර අවසන් ගෞරව දැක්වීමෙන් පසු වාද්දුව පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ඇත.