(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය “සිරි සීලවිමල මේධාලංකාර වංශාවතංස ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මශූරී” වරකාවැහැර ධම්මපාල නාහිමිපානෝ 81 වසරක් ආයු විඳ අපවත්වී වදාළහ.
උන්වහන්සේ වසර හැටකට වැඩි කලක් තිස්සේ පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට මහගු මෙහෙයක්, ඉටුකළ යතිවරයෙකි.
බොදු පිළිවෙත් මග, දෙමළ ව්‍යාකරණ විමර්ශණ, ආදි ග්‍රන්ථ ධම්මපාල නාහිමියන් අතින් රචනා කොට එළි දැක්වුනු අතර පුවත්පත් ආදියට සැපයූ ලිපි මෙන්ම ගුවන් විදුලි ධර්ම දේශනා, ධම්මචින්තා ඇතුලු ආගමික සාකච්ඡා ආදියෙන් උන්වහන්සේ සිය දැනුම බෙදුහ.
නාහිමිපාණන්ගේ දේහය ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති අතර දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට 8 සවස 2.00 ට බාදුරාගොඩ විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd