(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය “සිරි සීලවිමල මේධාලංකාර වංශාවතංස ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මශූරී” වරකාවැහැර ධම්මපාල නාහිමිපානෝ 81 වසරක් ආයු විඳ අපවත්වී වදාළහ.
උන්වහන්සේ වසර හැටකට වැඩි කලක් තිස්සේ පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට මහගු මෙහෙයක්, ඉටුකළ යතිවරයෙකි.
බොදු පිළිවෙත් මග, දෙමළ ව්‍යාකරණ විමර්ශණ, ආදි ග්‍රන්ථ ධම්මපාල නාහිමියන් අතින් රචනා කොට එළි දැක්වුනු අතර පුවත්පත් ආදියට සැපයූ ලිපි මෙන්ම ගුවන් විදුලි ධර්ම දේශනා, ධම්මචින්තා ඇතුලු ආගමික සාකච්ඡා ආදියෙන් උන්වහන්සේ සිය දැනුම බෙදුහ.
නාහිමිපාණන්ගේ දේහය ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති අතර දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට 8 සවස 2.00 ට බාදුරාගොඩ විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති