IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි

යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි  ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා  අභාවප්‍රාප්ත විය.

මිය  යන විට  (48) හැවිරිදි වියේ පසු වු ඒ මහතා  යුද හමුදාපති  ආරක්ෂක මුරයේ කටයුතු කරමින් සිටියදී ඊයේ (10) හදිසියේ මියගොස් තිබුණි.

තඹුත්තේගම මධ්‍යම මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙක් වු  ඒ මහතා 1997 ජුලි මස 04 දින 47 වැනි බදවා ගැනීම යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන්   යුද හමුදා නිත්‍ය බලසේනාවට බැදී ඇති අතර පුහුණුවෙන් අනතුරුව  2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට  එක්ව ඇත.

වසර  26 ක යුද හමුදා සේවා කාලයක් පසුරා ඇති ඒ මහතා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ විවිධ නිළතල හොබවමින් ත්‍රස්වාදය පරාජය කිරීමේ සටනේ අවසානය දක්වාම දිවි හිටියෙන් කැපවී කටයුතු කළ  දක්ෂ නිලධාරියකු විය.

යුද හමුදාව සේවා කාලය තුළ මාතෘ භූමිය වෙනුවෙන් කළ උත්තරීතර සේවය අගයමින්  ඒ මහතා රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම,  නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම,පූර්ණ භූමි පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම සේවා පදක්කම, ඇතුලු  පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.

 ඒ මහතාගේ දේහය කෑගල්ල, කුරුදුහින්න  අංක  ඊ /1/7 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පුර්ණ  හමුදා ගෞරවය  මැද හෙට  (12)  පස්වරු 2.00 ට ඔලගන්කන්ද  පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

(ඉන්දිකා රාමනායක)



අදහස් - (0)

ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site