මීරිගම  කොටකන්ද දොළඋඩ ශ්‍රී නිග්‍රෝධාරාමාධිපතිව වැඩ විසූ රෝලව මංගල හිමියෝ පෙරේදා 21 අපවත් වී වදාළහ.

අපවත් වන විට 69 වැනි හැවිරිදි වියේ පසු වූ උන් වහන්සේ 1972 දී එවකට බෝතලේ ගෝඨාභය රාජ මහා විහාරාධිපති  , අලුතෑපොල පේමරතන හා පිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා වල් බෝතලේ බෝධිරුක්ඛාරාමාධිපති කරවිලකුඹුරේ සරණපාල හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව ඇත .

දක්ෂ ධර්ම කථිකයෙක් මෙන් ම පිරිත් දේශනාවට ද චතුර හපන්කම් දැක්වූ  රොලොව මංගල හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට 24 පස්වරු 2.00 ට බෝතලේ ගෝඨාභය රාජමහා විහාරස්ථ භූමියේ දී සිදු කිරීමට නියමිතය .