මීරිගම කොටකන්ද දොළඋඩ ශ්‍රී නිග්‍රෝධාරාමාධිපතිව වැඩ විසූ රෝලව මංගල හිමියෝ පෙරේදා 21 අපවත් වී වදාළහ.
අපවත් වන විට 69 වැනි හැවිරිදි වියේ පසු වූ උන් වහන්සේ 1972 දී එවකට බෝතලේ ගෝඨාභය රාජ මහා විහාරාධිපති , අලුතෑපොල පේමරතන හා පිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා වල් බෝතලේ බෝධිරුක්ඛාරාමාධිපති කරවිලකුඹුරේ සරණපාල හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව ඇත .
දක්ෂ ධර්ම කථිකයෙක් මෙන් ම පිරිත් දේශනාවට ද චතුර හපන්කම් දැක්වූ රොලොව මංගල හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇත.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට 24 පස්වරු 2.00 ට බෝතලේ ගෝඨාභය රාජමහා විහාරස්ථ භූමියේ දී සිදු කිරීමට නියමිතය .
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත
ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි
රෝලව මංගල හිමියෝ අපවත් වෙති