
පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර හතලිහක පමණ කාලයක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 69වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.
දවස පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති ඒ මහතා ඉන් පසු දිවයින, පුවත්පතේද සේවය කිරීමෙන් පසු, සිරස මාධ්‍ය ජාලයේ සිරස සහ වයි එෆ්,එම්. ගුවන් විදුලියන්හි ප්‍රවෘත්ති සංස්කාරක ලෙස දිගු කලක් සේවය කර තිබේ
පසුකාලීනව රන්දිව, ලංකාදීප, පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසත් ලංකා ඊ නිව්ස් සහ මව්බිම වෙබ් අඩවියෙත් කටයුතු කර ඇත.
අමරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි
දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බැද්ද ගාන පොදු සුසාන භූමියේදී අනිද්දා (8) සවස 3.00ට සිදුකෙරේ.
(ආරියරත්න රණබාහු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd