
බී.ජී. චතුරංග, යොහාන් භාසුර, රේඛා තරංගනී ෆොන්සේකා සහ උපාලි ආනන්ද
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇති දුම්රිය සංචාරක බංගලාවක් තුළ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය ඉංජිනේරුවරුන් පිරිසක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව දුම්රිය ස්ථානයේ , තලාව දුම්රිය ස්ථානයේ , අනුරාධපුර දුම්රිය ස්ථානයේ, මිහින්තලා දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩ සටහන් මාලාවක් සඳහා සහභාගී වීමට පැමිණ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉංජිනේරු පිරිසක් මෙම සංචාරක බංගලාව තුළ නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි.
--------------------------------------
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වී සිටියදී දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති එනවා කිව්වම ලෙඩවල් බල ඉන්න බැහැනේ. මැරෙන්න හරි යන්න වෙනවා.