IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මාධ්‍යවේදී ප්‍රදීප් අනුර දිවියට සමු දෙයි

මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතා පෙරේදා 14 රාත්‍රී හදිසියේ අභවප්‍රාප්ත විය .

මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ ප්‍රදීප් අනුර කුමාර මහතා දෙදරු පියෙකි.

මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ප්‍රදීප් අනුර කුමාර මහතා පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍ය ආයතන රැසකට හා පාර්ලිමේන්තු මාධ්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කළ මාධ්‍යවේදියෙකි .

ප්‍රදීප් අනුර කුමාර මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය .

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (17) කොටුගොඩ, පොදුසුසාන භූමියේදී සිදුකෙරේ.

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් - (0)

මාධ්‍යවේදී ප්‍රදීප් අනුර දිවියට සමු දෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 168 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1968 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7133 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3553 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 435 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site