
මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතා පෙරේදා 14 රාත්‍රී හදිසියේ අභවප්‍රාප්ත විය .
මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ ප්‍රදීප් අනුර කුමාර මහතා දෙදරු පියෙකි.
මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ප්‍රදීප් අනුර කුමාර මහතා පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍ය ආයතන රැසකට හා පාර්ලිමේන්තු මාධ්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කළ මාධ්‍යවේදියෙකි .
ප්‍රදීප් අනුර කුමාර මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය .
අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (17) කොටුගොඩ, පොදුසුසාන භූමියේදී සිදුකෙරේ.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd