(ආරියරත්න රණබාහු)

මෙරට අග්‍රගන්‍ය  කුසලතා පූර්ණ කලාකරුවකු  වු දිවංගත මහගමසේකර මහතාගේ  ආදරණීය  බිරිඳ  වුවිශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ  අහාවපුාප්ත වූවාය

මියයනවිට 88 වන වියේ පසු  වු ඇය තිදරු මවකි.

මහගමසේකර  කලාකරුවාගේ නිර්මාණ  දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය  1963 දි ඔහු හා විවාහ වි ඇත.

පේරාදෙණිය  ව්ශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වු ඇය1962දි ගුරුසේවයට  පිවිස තිබේ  මිරිගම ජාතික පාසල(එවකට මිරීගම මහා විද්‍යාලය)

ගම්පහ රත්නාවලී බාලිකා  විද්‍යාලය. සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය. ඇය  සේවය කළ පාසල්  අතරවේ.

සිය දූ දරුවන් ට මෙන්ම ආදරණීය  ගුරුමාතාවක් වු  ඇය සිංහල විෂය ඉගැන්වීමේ සහජ දක්ෂතාවයක් දැක්වුවෙකු ලෙස ද ප්‍රකටය.

දේහය24 සිකුරාදා  පෙරවරු 10.00 සිට  බොරැල්ල ජයරත්න  රෙක්ස්පෙටි  මල් ශාලාවේ තැන්පත්  කර තැබෙන අතර ආදාහන කටයුතු 25⁣ සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල  කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන  පරිශ්‍රයේ  සිදුකෙරේ.