මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය ,
මිය යන විට 63 වියේ පසු වූ ඒ මහතා මහනුවර හිල් කැපිටල් රොටරි සමාජයේ සභාපතිනී ශෂිකා බාස්කරන් මහත්මිය ඇතුලු පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.
මහනුවර ශාන්ත සිලිවේස්ටර් විදුහලේ ආදී සිසුවකු වන බාස්කරන් මහතා , මහනුවර ප්‍රකට සමාජ සේවකයෙකි.
අභාවප්‍රාප්ත ජෝන් බාස්කරන් මහතාගේ දේහය මහජන අවසන් ගෞරව සඳහා මහනුවර , නුවරමල් ශාලාවේ තැන්පත් කර තබා ඇති අතර අවසන් කටයුතු 28 වන දින පස්වරු 4 :00 ට ,මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd