මහනුවර මහ නගර සභාවේ හිටපු  එජාප නාගරික මන්ත්‍රී මහනුවර  රොටරි සමාජයේ හිටපු  සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා  හදීසි හෘදයාබාධයකින්   අභාවප්‍රාප්ත විය ,

මිය යන විට  63 වියේ පසු වූ ඒ මහතා මහනුවර හිල් කැපිටල් රොටරි සමාජයේ සභාපතිනී  ශෂිකා බාස්කරන් මහත්මිය ඇතුලු පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.

මහනුවර  ශාන්ත සිලිවේස්ටර් විදුහලේ  ආදී සිසුවකු වන  බාස්කරන් මහතා , මහනුවර ප්‍රකට සමාජ සේවකයෙකි.

අභාවප්‍රාප්ත ජෝන් බාස්කරන් මහතාගේ දේහය   මහජන   අවසන්  ගෞරව සඳහා මහනුවර   , නුවරමල් ශාලාවේ තැන්පත් කර තබා ඇති අතර අවසන් කටයුතු  28  වන දින  පස්වරු  4 :00  ට ,මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කරන  ලදි.