පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ  ප්‍රවෘත්ති නිලධාරියකු වන සමින්ද ගුණවර්ධන මහතාගේ ආදරණීය පියාණන් වූ පොළොන්නරුව ගිරිතලේ ජයන්තිපුර ගොවි ජනපදයේ විසි අටේ කණුව 518/1 නිවසේ පදිංචිව සිටි එච් සේකර මහතා අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවූ හෙතෙම ගිරිතලේ ගොවි ජනපදයේ පුරෝගාමී ගොවියකු ලෙස කටයුතු කර ඇත.

දියණියන් දෙදෙනෙකුගේ හා පුතුන් තිදෙනෙකුගේ පියතුමෙකු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරු 3 ට ජයන්තිපුර කඩවල වැව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.