ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ  ප්‍රේමසිරි නානායක්කාර මහතා අද (5)  අභාවප්‍රාප්ත විය. 

මිය යන විට 78   වියේ   පසුවූ හෙතෙම  නිලානී නානායක්කාර මහත්මියගේ  දයාබර ස්වාමිපුරුෂයාණන් වන අතර  දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. 

ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ  විශ්‍රාමලත් සාමාජිකයයෙක් වූ හෙතෙම  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  ඒ  ශ්‍රේණියේ සරල ගී  ශිල්පියකි. 

ප්‍රවීණ තබ්ලා ශිල්පියකු ලෙස  කටයුතු කළ හෙතෙම  කලා භූෂණ සම්මානය  ඇතුළු සම්මාන කීපයකින්ම පිදුම් ලැබූ ජනප්‍රිය  කලා ශිල්පියෙකි. 

හෙතෙම  ජනප්‍රිය ගායිකා තියාගා එන් එඩ්වඩ්  මහත්මියගේ දයාබර සහෝදරයාය. 

දේහය   පානදුර  වැකඩ   අංක  22    ප්‍රනාන්දු පාර  නිවසේ තැන්පත් කර ඇති අතර   අවසන් කටයුතු   අද    (6)   පස්වරු    3 ට  පානදුර නගර සභාවට අයත් මිනුවම්පිටිය    ආදාහනාගාරයේ දී සිදු කෙරේ.