වේයන්ගොඩ නුංගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක  බෝගොඩ ආරචිචිගේ දිවාන් අසංක සමරසිංහ මහතා ඊයේ (5) අලුයම අභාවප්‍රාප්ත විය.

මිය යන විට 43 හැවිරිදි වියේ පසු වූ සමරසිංහ මහතා දෙදරු පියෙකි .

ඔහු නො 549, හුණුපොල, අත්තනගල්ල ලිපිනයේ  පදිංචිකරුවෙකි.

2005 වසරේ දී පොලිස් සේවයට  එක්ව ඇති සමරසිංහ මහතා දිවයින පුරා අලුතින් පොලිස් ස්ථාන පිහිටවීමේ වැඩපිළිවෙළ යටතේ  නුංගමුව පොලිස් ස්ථානය ආරම්භ කළ  2022 ජනවාරි මස 14 දින සිට එම ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

සමරසිංහ මහතාගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය හා පශ්චාත්  මරණ පරීක්ෂණය ඊයේ (5)  කොළඹ ජාතික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.