(ත්‍රිකුණාමලය අමදෝරැ අමරජීව) 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ ලංකාදීප  පුවත්පත් බෙදා හැරීමේ හා අලෙවි නියෝජිත අබ්දුල් හමීඩ් පොත් හල අධිපති අබ්දුල් හමීඩ් මහතා පෙරේදා (01) රාත්‍රි හෘදයාබාධයකින් අභවප්‍රාප්ත විය.

මිය යන විට 63 වන වියේ පසු ඒ මහතා දියණියන් තිදෙනෙකුගේ ආදර පියෙකු විය.

සිංහල ,දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව කාගේත් සිත්දිනා ගනිමින් මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ අබ්දුල් හමීඩ් මහතාගේ අවසන් කටයුතු ඊයේ (02) පස්වරුවේ මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව සිදුකිරීමට නියමිතව තිබුණි.