අපවත් වි වදාළ අමරපුර ශ්‍රි කල්යාණිවංශ නිකායේ කාරක සංඝ සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි තංගල්ලේ ඤණානන්ද හිමියන්ගේ ආදාහන කටයුතු මේ මස (17) දින සිදු කරන බව එම විහාරස්ථානයේ අවමංගල්‍ය කමිටුව දැනුම් දෙයි.

කලක් තිස්සේ රෝගාතුර වි වැඩ සිටි උන් වහන්සේ මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් (13) දින අපවත් විය.

1959.10.05 දින තංගල්ල ජයසුමනාරාම විහාරස්ථානයේ සම්බුද්ධ ශාසනයට එක් වු උන් වහන්සේ 1981.07.12 දින උපදම්පදාව ලබා ඇත.

1947.11.29 දින තංගල්ල ප්‍රදේශයේ උපත ලැබු උන් වහන්සේ ගාල්ල විද්‍යාරාජ පිරිවෙනේ මුලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සදහා ගාල්ල විද්‍යාලෝක විශ්ව විද්‍යාලිය පිරිවෙනට ඇතුලත් වි ඇත.