IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයනවිට 82 වැනි වියේ පසු වූ ඒ මහත්මිය උපන්දිනය දවසේදීම මියයෑම දෛවෝපගත සිද්ධියකි.

50 දශකයේ ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත්‍රයට එක්වූ ඇය මුලින්ම ගායනා කළ ගීතය වූයේ "දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ" ගීතයයි. පසුව "තුං තුඹ මලි, මල් කෙල්ලෙක් මං, ලොකු නැන්දා එනවා, ලතා මඩුල්ලක් කතා කරනවා, හැඩකාරයි මං පොඩි කාලේ, රාං කුරුල්ලා, අත්තන මල්, දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්" වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළාය.

කැසට්පට කිහිපයක්ද එළිදැක්වූ චන්ද්‍රානි මහත්මිය වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් හා ගායනයෙන් දායකවූවාය. ගුරු විද්‍යාලයට ඇතුළත්ව සෞන්දර්ය ගුරු පත්වීමක් ලැබූ ඇය, පන්නිපිටිය ධර්මහල, බොරල්ල සුසවයවර්ධන, ගල්කිස්ස හේන, කලුබෝවිල බුද්ධඝෝෂ යන විදුහල්වල ගුරුවරියක් ලෙස වසර 25ක කාලයක් තිස්සේ සේවය කළාය.
ඇයගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.



අදහස් - (1)

තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි

මැක්ස් Wednesday, 08 October 2025 05:41 PM

මිහිරි හඬින් පරපුරක් නැළ වූ ගීත කෝකිලාවිය, ඔබතුමියට නිවන් සුව ලැබේවා!

:       0       56

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1447 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1825 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2524 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2045 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2021 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5500 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site