
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙනසි මල්රාජ් පිරිස් මහතා පෙරේදා (26) වැනි දා අභාවප්‍රාප්ත විය.
මියයන විට 58 වියේ පසුවු හෙතෙම දරුවන් දෙදෙනකුගේ පියෙකි.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස 1991 වර්ෂයේදී දේශපාලනයට පිවිසි ඒ මහතා 1999 වර්ෂයේ සිට 2004 කාලය තුළ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස ද වයඹ බස් සමාගමේ සභාපති ලෙසද ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.
පසුව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වර්ෂයේ සිට 2024 සැප්තැම්බර් මස කාලය තුල සේවය කළ හෙතෙම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
දේහය දන්කොටුව මීගමුව පාරේ අංක ½ දරණ පුබුදු නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දන්කොටුව පොදු සුසාන භූමියේ දී ලබන 30 දා පස්වරු 4.00 ට සිදුකෙරේ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත
ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි
ටෙනසි මල්රාජ් සමුගනී