ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 81 හැවිරිදි වූ ඒ මහතා කදාන මැසනඩ් විද්‍යලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයේ දායක සභාවේ ක්‍රියාකාරී සමාජිකයකු වු රණවීර ප්‍රනාන්දු මහතා වර්ෂ 1967 දී ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වී තිබේ.
නාගරික මන්ත්‍රීවරයෙකු, නගර සභාවේ විපක්ෂ නායකයකුවරයකු ලෙස කටයුතු කර ඇති රණවීර ප්‍රනාන්දු මහතා ජා-ඇල නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර එම කණ්ඩායම ජයග්‍රහණ කිරීමෙන් පසුව ජා-ඇල නගරාධිපතිවරයා ලෙස ප්‍රථම වරට පත් විය.
ජා-ඇල නගරයට අනූපමේය සේවයක් කර ඇති රණවීර ප්‍රනාන්දු මහතා පසුව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ න් ජා-ඇල නගර සභාවට තරඟ කර දෙවන වරටද නගරාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ජා-ඇල කපාල කන්ද පාර රණවීර ප්‍රනාන්දු මහතාගේ නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය අද (30) කනුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.
(ජා-ඇල ප්‍රසංග පෙරේරා)
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
ජාඇල හිටපු නගරාධිපති සමුගනී