IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැස්බෑව ප්‍රා.සභා හිටපු සභාපති නිමල් ආරියදාස සමුගනී

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)               

කැස්බෑව ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපතිවරයකු වූ නිමල් ආරියදාස මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට  ඒ මහතා 74 හැවිරිදි වියේ පසුවිය.

1972 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 2002-2006 කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් ඉන් අනතුරුව විපක්ෂ නායක ලෙසත් කටයුතු කර තිබිණි.

දේහය කැස්බෑව මඩපාත මාකන්දන අංක179/4   ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බටුවන්දර පොදු සුසාන භූමියේදී (23) සවස 4 ට සිදු කිරීමට නියමිතය.



අදහස් - (0)

කැස්බෑව ප්‍රා.සභා හිටපු සභාපති නිමල් ආරියදාස සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1458 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1831 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5503 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site