ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අගා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
කලක් අසනීප තත්වයෙන් පසුවූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අවදියේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ හා පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වූ අගා මහතා අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු එම පක්ෂයේ පූර්ණකාලීනයකු ලෙස විප්ලවවාදී දේශපාලනය ඇරඹීය.
ඔහු ඉන්පසු සෝවියට් දේශයේ මොස්කව් නගරයේ ක්‍රියාත්මක වූ සමාජ විද්‍යා ඇකඩමියේ දේශපාලන අධ්‍යාපනය ලැබීය. සෝවියට් දේශයේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු නැවත මෙරටට පැමිණි අගා මහතා නැවතත් පක්ෂයේ පූර්ණ කාලීන දේශපාලන කටයුතු ඇරඹීය.
එම පක්ෂයේ ශිෂ්‍ය සහ තරුණ අංශ සමග සමීපව කටයුතු කළ අගා මහතා දිවයිනේ විවිධ ප්‍රදේශවල පක්ෂයේ කටයුතුවලට නායකත්වය දෙමින් කටයුතු කළේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හා දේශපාලන මණ්ඩලයට තේරී පත්වූ ඒ මහතා දිගු කලක් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.
පක්ෂ අභ්‍යන්තර අධ්‍යාපන කටයුතුවලට නායකත්වය දෙමින් ඔහු මාක්ස්වාදී මතවාදය ප්‍රචලිත කිරීමට කැප වී ක්‍රියා කළේය. ඔහු මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් ද රචනා කර තිබේ.
ඒ මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ ලෝටස් පරිශ්‍රයේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (30) බ්‍රහස්පතින්දා පස්වරුවේ සිදුකෙරේ.
(යොහාන් භාසුර)
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
අගා ජයසේන දිවි සරිය නිමවයි