අසූව දශකයේ දිවයිනේ ප්‍රසිද්ධ චරිතයක් වූ පොලොන්නරුවේ පොඩි විජේගේ මව එච්.ජී. පුංචි මැණිකේ මහත්මිය අද (13) අලුයම මියගියාය.
මිය යන විට 95 වන වියේ පසුවූ ඇය පොඩි විජේ ඇතුළු දරු දැරියන් 8 දෙනෙකුගේ මවකි.
පොඩි විජේගේ මවගේ දේහය සීගිරිය තල්කොටේ ඇයගේ බාල දියණියගේ නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (14) සිදු කෙරේ
80 දශකයේ පොඩි විජේගේ විවිධ ක්‍රියාකාරකම් රැසක් සමාජයේ ක්‍රියාත්මක විය.
ඔහු නමින් ගීත කීපයක්ද එළිදැක තිබේ. ඔහු 80 දශකයේ අගභාගයේ පොලිස් වෙඩි පහරකින් මියගියේය.
(කාංචන කුමාර ආරියදාස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd