
(ආරියරත්න රණබාහු සහ ශේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය
මිය යන විට අසූ වුන වියේ පසුව ඇය ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ දී ප්‍රවීණ සහ ජේෂ්ඨ නිවේදිකාවක් ද වුවාය.
සිය මාධ්‍ය ජීවිතය 1967දි ආරම්භ කළාය.
ඉතාමත් මියුරු සහ ප්‍රසන්න හඬ පෞරුෂයකින් ඇය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සමග කර තිබෙන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවකි.
ඇයගේ අදහන කටයුතු යි පසුව දැනුම්දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම අතිදක්ෂ නිවේදිකාවක් සහ වැඩ සටහන් මෙහෙයවන්නියක්... ඉතාම නිවැරදිව පැහැදිලිව උච්චාරණය කළ නිවේදිකාවක්...!
සුමනානෙල්ලම්පිටිය මහත්මිය 1990 සිට 2000 දක්වා කාලය තුළ ට්‍රයිකෝ ආයතනය මගින් පවත්වාගෙන ගිය ගුවන් විදුලි සේවයේ සේවය කරමින් මැදපෙරදිග සේවය කරන ලද විශාල පිරිසකට ඉමහත් සේවයක් කරන ලද සුමනා නෙල්ලම්පිටිය මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු
එතුමිය අප සමග ගෝතමී බාලිකා මහා විදුහලේ ඉගෙනුම ලැබූ ආදි සිසුවියක්..අමා මහ නිවන්සුව අත්වේවා ..
වර්ෂ 1990 /2000 අතර කාලය තුළ ෆ්‍රයිකෝ ආයතනය මගින් එක්සත් එමීර් රාජ්‍යයේ පවත්වාගෙන යන ලද ගුවන් විදුලි සේවයේ සේවය කරමින් මැදපෙරදිග සේවය කරන ලද ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශාල සේවයක් කරන ලදී ඇයට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු
අපි පොඩි කාලේ... තාම මතකයි එයාගේ ප්‍රවෘත්ති විකාශයන්... හරිම ආකර්ශනීයයි... අපේ ළමාකාලය හැඩකරපු නිහතමානී කලාකරුවෝ ගොඩක් යන්න ගිහින්. ඔබට නිර්වාණ සුවය වේවා...!
මෙවන් වැදගත් වැඩසටහන් මෙහෙය වන්නන් වර්තමානයේ සිටිනුයේ ඉතා අතළොස්සකි... එතුමියට නිවන් සුව පතමි.
ඔබට නිවන් සුව
මැණික් කැට, මුතු කැට වගේ එදා හිටපු ඔක්කොම ශිල්පීන් ටික දෙනා මේ දවස් ටිකේදි එක්කෙනාට පස්සේ එක්කෙනා වගේ අපෙන් ජාතියෙන් සදහට සමුගෙන යනවා. මේ අයගෙන් අනාගත පරපුරට ඉගෙන ගන්න තිබිච්ච බොහෝ දේ ඉතින් නැතිවෙලා යනවා.
මෙවැනි සුපිරි කලාවේදීන් නැවත බිහිවෙයි කියල හිතන්නත් බැහැ. ඔබට සුබ ගමන්.
ජාතියට කළ සේවාව අති විශාලයි... මා කුඩාකළ පටන් ඇයගේ කතාද අසා තිබෙනවා. කණගාටුයි, ඇයට නිවන් සුව..!