
(අයි ආර් ඉන්දික)
දශක පහකට ආසන්න කාලයක සිට පොදු ජනතාව වෙනුවෙන් ආර්ථික සමාජිය හා ශාසනික සේවාවන් රැසක් ඉටුකළ බලහරුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති බලහරුවේ සිරිසුමන ස්වාමින් වහන්සේ අවුරුදු 74ක් ආයු විඳ තණමල්විල රෝහලේදි පෙරේදා (22) අපවත්වුහ.
ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමටත් ,මහා පරිමාන පරිසර විනාශයන්ට එරෙහිවත් අලි මිනිස් ගැටුමට විසඳුමක් ලබාදීමටත් පානිය ජලය ප්‍රදේශයේ කෘෂී කර්මාන්තයේ දියුණූව වෙනුවෙන් වැව් රැසක් නිර්මාණ කිරිමට දායක වු උන් වහන්සේ වැල්ලවාය ප්‍රාදේශිය සභාව නියෝජනය කළ සභා මන්ත්‍රිවරයෙක් ද වුහ.
බලහරුවේ සිරිසුමන වහන්සේගේ දේහය වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවෙට රැගෙන ඒමෙන් පසු පැය දෙකක කාලයක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබිමට අවමංගල්‍ය කමිටුව කටයුතු යොදා තිබු අතර ඉන් අනතරුව රිය පෙරහැරින් දේහය නැවත උන්වහන්සේ වැඩ විසු බලහරුව රජමහා විහාරස්ථානය කරා රැගෙන යන ලදි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.