(අමිල චින්තක ගමගේ)
නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මහතා අභාවප්‍රාප්ත ඊයේ (30) අභාවප්‍රාප්ත විය.
එතුමා නූර්ති නාඩගම් කලාවේ අන්තිම පුරුක ලෙසද සැලකෙයි.
1933-01--06 උපත ලැබූ ඒ මහතා මිය යන විට 92 වන වියේ පසුවිය.
ගුණතිලක මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
ලයනල් මහතා රාමායනය, විදුර, සකුන්තලා,සමුද්‍රදේවී ආදී ගීතවල නව ප්‍රස්ථාර ඇතුළත් කෘති 12 ක් පමණ පළ කර තිබේ. ඊට අමතරව රූපවාහිනී ආලකමන්දාව මගින් විශේෂ වැඩසටහනක්ද ඔහු වෙනුවෙන් නිර්මාණය විය.
දේහය දැනට 327/1,පරණ කොට්ටාව පාර,ඇඔුල්දෙනිය, නුගේගොඩ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසාන කටයුතු හෙට ( 02) සවස 5 00 ට උඩහමුල්ල සුසාන භුමියේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නිවන් සුව අත්වේවා